“මාධ්‍ය සංවිධාන එකමුතුව ” නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධ වු සංවිධානයකි.

මෙම සංවිධානයේ අනාගත ඒකාබද්ධ ක්‍රියාකාරකම් පිළිබඳ මාර්‍ගගත සාකච්ඡාවක් 2021 සැප්තැම්බර් 18 දින පැවත්වින. මේ සාකච්ඡාව සඳහා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ, ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා ජේන් වර් තින්ග්ටන් මහත්මිය හා වැඩ සටහන් සම්බන්ධීකාරක උමේෂ් ප්‍රොක්වෙල් මහතා ද සහභාගී විය.

මෙම ඒකාබද්ධ රැස්වීම “අයිඑෆ්ජේ – යුනියන්-ටු-යූනියන්” 2021 වැඩ සටහන යටතේ සංවිධානය කෙරින.