ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව නැවත වටයකින් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මේ පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තයේ පූර්‍ණ වෙනසක් සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා මාලාව පසුගියදා ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කරන ලදී.
සම්මේලනයේ සභාපති ඉඳුනිල් උස්ගොඩආරච්චි හා ප්‍රධාන ලේකම් ධර්‍මසිරි ලංකාපේලිගේ අත්සනින් යතුව ඉදිරිපත් කළ එම යෝජනා මාලාව සම්පූර්‍ණයෙන් පහත පළකෙරේ.

2021 නොවැම්බර් 25,
ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
ජනමාධ්‍ය ඇමති,
ජනමාධ්‍ය අමාත්‍යාංශය.

ගරු ඇමතිතුමනි,

මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් තහවුරු කිරීම වෙනුවෙන්
ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රනයක් සඳහා යෝජනා. 

රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය හැසිරීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික හා සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳව නව උද්ඝෝෂණාත්මක සාකච්ඡාවක් ආරම්භවී තිබෙන පසුබිමක් තුළ මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් පිළිබඳ සාකච්ඡාව නැවත වටයකින් ආරම්භවී ඇති බවට ලැබෙන වාර්තා පිළිබඳව අප සම්මේලනය සතුට පළකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන විසින් දශක දෙකකට වැඩි කාලයක් මාධ්‍ය න්‍යාමනය සඳහා වූ ස්වාධීන ආයතනයක් පිහිටුවීම පිළිබඳ උද්ඝෝෂණයන් දියත් කළ බව රටට රහසක් නොවේ. රාජ්‍ය හා පුද්ගලික මාධ්‍යය හා සමාජ මාධ්‍ය හැසිරීම සමග බැඳුනු, මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් පවතින ඛේදනීය තත්වය නිසා මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන ආයතනයක අවශ්‍යතාවය වඩාත් වැදගත් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශකර සිටී.

නිදහස් හා සාධාරණ මාධ්‍ය සම්ප්‍රදායක් පිළිබඳ සාකච්ඡාව හා බැඳුණු මෙම උද්ඝොෂණයන් යථාර්තයක් බවට පත්කිරීමට නම් එහි පළමු පියවර ලෙස මෙම රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල රජයේ ග්‍රහණයෙන් මුදා හැරීම අනිවාර්ය කටයුත්තක් බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරණු ලබයි. සිය`ඵ රාජ්‍ය මාධ්‍ය ආයතන මහජන සේවා ජනමාධ්‍ය (Public Service Journalism) ආයතන ලෙසට පරිවර්තනය කිරීමෙන් වර්තමාන රජයට මේ සඳහා දායකත්වය ලබාදිය හැකි බව අප සම්මේලනය විශ්වාස කරනු ලබයි.

ජනතාව වෙනුවෙන් වූ “මහජන සේවා ජනමාධ්‍ය” භාවිතාව පිළිබඳව වූ ප්‍රමුඛ අන්තර් ජාතික මාධ්‍ය ප්‍රමිතීන් අටක් මෙහි සටහන් කිරීමට කැමැත්තෙමු.

“මහජන සේවා ජනමාධ්‍ය”

■ ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය, අන්‍යමත ඉවසයි.
■ සාධාරණ, නිවැරැදි, සමබර ලෙස, බොහෝ මූලාශ්‍ර එකතුකර ගනිමින් වාර්තා කරයි.
■ පුරවැසි තොරතුරු අවශ්‍යතා ඉටුකරයි.
■ ලෝකය පිළිබඳව සංවේදීවීම, වෙනස්කම් තේරුම්     ගනිමින් යහපත් ජීවන රටාවක් සඳහා                   මහජනතාවට උපකාරීවෙයි.
■ බහුතර ජනතාවගේ හඬට කන්දෙනු ලබයි. මහජන අවශ්‍යතාවයන් සඳහා වෙහෙසෙයි.
■ .සමාජය අර්ථවත් සාකච්ඡාවකට යොමු කෙරෙයි
■ පාඨක විශ්වාසය දිනාගනියි
■ පුරවැසියන්ට වැදගත්වන ප්‍රශ්ණ ප්‍රමුඛ කෙරෙයි.

1994 බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේ රජය විසින් ද රාජ්‍ය මාධ්‍ය පතිසංස්කරණය සඳහා ප්‍රයත්නයක් දරමින් ආර්. කේ. ඩබිලිව්. ගුණසේකර කමිටුව, සිදත් ශ්‍රී නන්දලෝචන කමිටුව ප්‍රමුඛව කමිටු කිහිපයක් පත්කරන ලද අතර අවම වශයෙන් එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට හෝ යොමු වූ බවක් වාර්තා නොවේ.

රටක ප්‍රජාත්න්ත්‍රවාදී පැවැත්ම හා යහපාලනය වෙනුවෙන් ස්වාධීන, සමබර, අපක්‍ෂපාතී මාධ්‍ය භාවිතාවක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයන් බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරනු ලබයි. ඒ වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම ලංකාවේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ දී අත්‍යාවශ්‍ය ම කටයුත්තක් ලෙස බැඳී පවතින බව ද ප්‍රකාශකර සිටී.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්)

1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග රජය මගින් පත් කළ සිදත් ශ්‍රී නන්දලෝචන කමිටුව පාදක කොටගෙන හෝ නව කමිටුවක් මඟින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ආයතනය, 1973 අංක 28 දරණ විශේෂ විධිවිධාන (ලේක්හවුස්) පනත ප්‍රකාරව අයිතිය පු`ඵල්කොට මහජන සේවා ජනමාධ්‍ය ආයතනයක් බවට කඩිනමින් පරිවර්තනය කිරීම ප්‍රමුඛ කටයුත්තක් ලෙස අප සම්මේලනය යෝජනා කරනු ලබයි.

1973 ලේක්හවුස් විධි විධාන පණත දශක පහකට ආසන්න කාලයක් ක්‍රියාත්මක නොකළ අතර බලයට පත්වූ සෑම රජයක්ම එම ආයතනය පවරා ගැනීමේ මූලික අපේක්‍ෂාවන් නොසළකා හරින ලදී. 1973 ලේක්හවුස් විශේෂ විධි විධාන පණත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අප සම්මේලනයේ මග පෙන්වීම අනුව සාමාජික සංවිධානයක් වූ ලේක්හවුස් සේවක සංගමය විසින් 2007 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ද, එම පෙත්සම විභාගයට නොගෙන හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා හේතු නොදක්වා ම පෙත්සම නිශ්ප්‍රභා කරන ලද බව තොරතුරු වශයෙන් සඳහන් කර සිටිමු.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව
ස්වාධීන රූපවාහිණී සේවය

මේ ආයතන තුන ආවරණය වන පරිදි මහජන සේවා ගුවන් විදුලි හා රූපවාහිණී ස්වාධීන කොමිෂන් සභාවක් යටතට පත්කොට මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යොජනා කරමු. මේ සඳහා 1994 ආර්. කේ. ඩබ්ලිව්. ගුණසේකර කමිටුව යෝජනා කළ මාධ්‍ය ප්‍රතිසසංස්කරණයන් පිළිබඳ නිර්දේශයන් හා විකාශන අධිකාරියක් පිළබඳ යෝජනාව සැළකිල්ලට ගැනීමට යෝජනා කරමු.

රජයේ රූපවාහිණී හා ගුවන් විදුලි නාලිකා විකාශය කරනු ලබන සංඛ්‍යාත මහජන දේපලක් බව ද සැළකිල්ලට ගතයතු කාරණයකි.

පෞද්ගලික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය

පුද්ගලික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියාමනය වන අවස්ථාවක් නොමැති අතර කර්තෘ සංසදය හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්ගේ සංගමය හා මාධ්‍ය සංවිධාන කිහිපයක් මැදිහත්ව පවත්වාගෙන යනු ලබන ශ්‍රි ලංකා පුවත් ආයතනය සමග බොහෝ මුද්‍රිත මාධ්‍ය එකඟතත්වයෙන් කටයුතු කළ ද එය ශක්තිමත් විසඳුමක් නොවේ.

පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන (ගුවන් විදුලි හා රූපවාහාණී) සඳහා මහජන දේපලක් වන සංඛ්‍යාත නිකුත් කිරීම දේශපාලනික හා පුද්ගලික සබඳතා මත සිදුව තිබෙන බව පැහැදිළි සත්‍යයක් වන අතර ඒ නිසාම මෙම විද්‍යුත් මාධ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය පිළිබඳව වගවීම සඳහා ආයතනයක් නොපවතී. මේ නිසාම මේ ආයතන මාධ්‍ය ආචාර ධර්ම හෝ මහජන දේපලක් වූ සංඛ්‍යාත පිළිබඳව හෝ නොසළකා තමන්ගේ ම වූ න්‍යාය පෞද්ගලික න්‍යාය පත්‍රයක් තුළ ක්‍රියා කරනු ලබයි. ඉහත තත්වයන් පරාජය කිරීම අරමුණු කරගත්, ආදර්ශමත් රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවන්නේ නම් පහත සඳහන් කරුණු කෙරෙහි ද සැළකිල්ල යොමුකරන ලෙස සම්මේලනය ඉල්ලා සිටී. මෙහිදී අප සම්මේලනය පහත සඳහන් කරුණු පෙළගස්වා ඉදිරිපත්කර සිටී.

ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය අහෝසි කිරීම හා ස්වයං නියාමන නිදහස් කොමිෂමක්?

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමේ අරමුණ ඇතිව 2002 වසරේ එවකට එක්සත් ජාතික පක්ෂ රජය විසින් අකර්මන්‍ය කරන ලදී. පුවත් පත් මණ්ඩලය අහෝසි කළයුතු බවට මාධ්‍ය සමාජයත්, සිවිල් සංවිධානත් විසින් නොකඩවා කරණු ලබන උද්ඝෝෂණයන් සැළකිල්ලට නොගනිමින්, එලෙස අකර්මන්‍ය කළ පුවත්පත් මණ්ඩලය නැවත ක්‍රියාත්මක කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ පසුගිය ආණ්ඩුව විසින් පියවර ගන්නා ලදී.

රාජ්‍ය එකඟත්වය ඇතිව 2002 වසරේ පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ්‍රී ලංකා පුවත් පත් පැමිණිලි කොමිෂම ප්‍රතිෂ්ඨඨාපනයකර ඇති අරමුණු ශක්තිමත් කිරීමට වර්තමාන රජය සහයෝගීතාවය ලබාදිය යුතු බවට යෝජනා කරන අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමට කටයුතු කිරීම
යෝජනා කරමු.

ස්වයං නියාමනය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන හා අනෙකුත් සිවිල් සංවිධාන ප්‍රමුඛව පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ මඟ පෙන්වීම් හා නිර්දේශයන් මෙහිදී සැළකිල්ලට යොමු කළ යුතුය. කොළඹ ප්‍රකාශනය, තෝලංගමුව ප්‍රකාශනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට යෝජනා කරමු.

ස්වයං නියාමනය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන හා අනෙකුත් සිවිල් සංවිධාන ප්‍රමුඛව පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ මඟ පෙන්වීම් හා නිර්දේශයන් මෙහිදී සැළකිල්ලට යොමු කළ යුතුය. කොළඹ ප්‍රකාශනය, තෝලංගමුව ප්‍රකාශනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට යෝජනා කරමු.

ජනමාධ්‍යවේදීන්ගේ වාත්තීය ආරක්‍ෂාව හා රැකවරණය හා ජනමාධ්‍ය ස්වයං නියාමන ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය කාර්ය පටිපාටියක් සැකසීම පිළිබඳව විවෘත සාකච්ඡාවක් ආරම්භ කිරීමට රජය පහසුකම් සැපයිය යුතු අතර ඒ සඳහා මාධ්‍ය සංවිධාන හා උනන්දු සිවිල් සංවිධාන හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයන්හී සහයෝගය ලබාගත යුතු බවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යෝජනා කර සිටී.

වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම

දශක එකහමාරකට අධික කාලයක් පුරා පැවැති ශ්‍රී ලංකාවේ මර්ධනකාරී මාධ්‍ය වටපිටාව තුළ මරාදැමූ, අතරුදහන් කෙරුණු හා සැබෑ ලෙසම ජීවිත ආරක්‍ෂාව සඳහා විදේශ ගතව සහ දිවයිනේ රැඳෙමින් මර්ධනයට ලක්වූ මාධ්‍යවෙදීන් ට යුක්තිය ඉටු කිරීම නිදහස් මාධ්‍ය සමප්‍රදායයක් පිළිබඳව පවතින උද්ඝොෂණ ක්‍රියාවලිය තුළ මඟහැරිය නොහැකි කාර්යයකි. එසේම පීඩාවට පත් කළ මාධ්‍ය ආයතන වෙනුවෙන් ද යුක්තිය ඉටුවිය යුතුය.

මාධ්‍ය නිදහස හා කල් පවත්නා මාධ්‍ය ප්‍රතිසංස්කරණයන්හි දී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අපරාධකරුවන්ට දඬවම් ලබාදීම හා නව නිර්දේශයන් ද වැදගත්වන අතර ඒ සඳහා කාර්ය පටිපාටියක් පිළිබඳව යෝජනා කිරීම මෙම ක්‍රියාවලියේ දී ප්‍රමුඛ කාරයභාරයක් වියයුතු බව අප සම්මේලනය විශ්වාස කරනු ලබයි.

ප්‍රධාන දහරාවේ හා ප්‍රාදේශීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්

මාධ්‍යවේදීන්ට සංවිධානයවීමේ අයිතියට ඇති බාධාවන් පිළිබඳව ද සැළකිලිමත්වීම අවශ්‍යය. විශේෂයෙන් පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම මෙහිදී වැදගත් වේ. මාධ්‍යවේදීන් සංවිධානයවීම මාධ්‍ය කර්මාන්තයේ ප්‍රගමණයට ද උපකාරීවන බව ප්‍රකාශ කරන අතර මාධ්‍ය ආයතන හිමිකරුවන් මුහුණ දෙන කර්මාන්තයේ අභියෝගයන්ට ද සාමූහිකව මුහණ දිය හැකිවේ යැයි විශ්වාස කෙරේ.

මු්‍රදිත හා විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ප්‍රාදේශිය පූර්ණකාලීන ජනමාධ්‍යවේදීන්හට සාමාන්‍ය නෛතික හිමිකම් හෝ අවම වශයෙන් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාර අරමුදලේවත් සාමාජිකත්වය හිමි නොවේ.

මේ පූර්ණකාලීන මාධ්‍යවේදීන් සඳහා පත්වීමේ ලිපියක් සහිත සුදුසු වැටුප් ක්‍රමයක් හා හිමිකම් ඇති වෘත්තිකයන් පිරිසක් බවට පත්කිරීමට ගත හැකි පියවර නිර්දේශ කිරීම ශක්තිමත් නිදහස් මාධ්‍ය කර්මාන්තයක් ගොඩනැඟීම වෙනුවෙන් සැළකිල්ල යොමු කළයුතු ප්‍රමුඛ කටයුත්තක් වේ.

මේ වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 වසරේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක ජනරාල් වරයාගේ කමිටු ප්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, හා කම්කරු කොමසාරිස්වරයාගේ සාමාජිකත්වයෙන් පත් කළ කමිටු වාර්තාව එම රජයේ ජනමාධ්‍ය ඇමතිවරයා වෙත යොමුකළ බව වාර්තා විය. මාධ්‍ය කර්මාන්තය තුළ පවතින ප්‍රධාන ගැට`ඵවක් ලෙස මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ප්‍රමුඛ කටයුත්තක් ලෙස අවධාරණය කෙරේ.

අප සම්මේලනයේ ඉල්ලීම පරිදි වර්තමානයේ ගරු කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ තනතුරු නාමය පුවත්පත් කර්මාන්තයේ පඩිපාලක සභාවට ඇතුල් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසමින් සිටින බව මෙහි සඳහන් කරමු. එසේම විද්‍යුත් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍යවෙද්ීන් ද ඇළත්වන පරිදි “ජනමාධ්‍යවේදීන්ගේ පඩිපාලක සභාව” ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද සඳහන් කරමු.

ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය ආචාර් ධර්ම පද්ධතියක්?

ශක්තිමත් හා නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් පිළිබඳ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් සඳහා ශක්තිමත් ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය ප්‍රමුඛ අගයක් ගනී. කර්තෘ සංසදය හා ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන අබෝධයෙන් මුද්‍රිරිත මාධ්‍ය සඳහා හඳුන්වාදුන් ආචාර ධර්ම පද්ධතියක් පැවතිය ද නිර්මාතෘවරුන් පවා එම මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය භාවිතාවේ යොදන බවක් දක්නට නොමැතිවීම කණගාටුවට කරුණකි.

විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රය ද, සමාජ මාධ්‍ය ජාලාවන් ද ආවරණය වන පරිදි සකස් වූ ලෝක මාධ්‍ය ආදර්ශයන් සමඟ අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කිරීම ද මෙම කාර්යයේ දී සැළකිල්ලට ගතයුතු බවට යෝජනා කරමු.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ලේක්හවුස් සේවක සංගමය, ගුවන් විදුලි මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රමුඛව පූර්ණකාලීන වෘත්තීය මාධ්‍යවේදීන්ගේ දිස්ත්‍රික් මාධ්‍ය වෘත්තීය සමිති සමග ඒකාබද්ධ වූ, මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙහෙසෙන, මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් සංවිධානය කිරීමට වෙහෙසෙනගතමාධ්‍ය සංවිධානයකි.

අප සම්මේලනය, ලෝකයේ රටවල් 170 ක ජනමාධ්‍යවේදීන් ලක්‍ෂ හයකට අධික සාමාජිකත්වයක් සංවිධානගතවී සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :ෂබඑැරබ්එසදබ්ක ත්‍ැාැර්එසදබ දf න්‍දමරබ්කසිඑි- ෂත්‍න්‍* පූර්ණ සාමාජිකත්වය හිමි සංවිධානයකි.

අප සම්මේලනය විසින් මෙලෙස සිය ස්වාධීන යෝජනා හා අදහස් මාළාවක් ඉදිරිපත් කළ ද, ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රනයක් සඳහා, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කර්තෘ සංසදය, පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය හා අප සම්මේලනය ද ඇතුළත්වූ
අනෙකුත් මාධ්‍ය සංවිධාන සමග මේ වෙනුවෙන් සාමූහික ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ද සඳහන් කරමු.

එසේම මෙම ලිපියේ වැදගත්කම සළකා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයට(IFJ)හා මාධ්‍ය සංවිධාන සමග ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෙත ද නිකුත් කරන අතර ගරු ජනමාධ්‍ය ඇමතිතුමා වශයෙන් ඔබගේ විශේෂ අවධානය පිණිස යොමුකරන බව කාරුණිකව දන්වා සිටිමු.

මෙයට
විශ්වාසී,

ඉඳුනිල් උස්ගොඩආරච්චි, සභාපති, 77 065 8285

ධර්මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම්, 077 364 1111