710925531747876469
710925531747876469
710925531747876469
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ 10 වැනි නියෝජිත සම්මේලනය මැයි මස 15 වෙනි දින කොළඹ 05, රෙයින්බෝ ආයතන පරිශ්‍රය මූලික කරගනිමින් මාර්‍ගගතව (Online) පැවති අතර සම්මේලනය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගැනීම ද සිදුවිය.
මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස සහතික කිරීම සඳහා (Safety and Independence of Journalists and the Media professionals) ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත, ප්‍රඥප්තියක් කෙටුම්පත් කර සම්මත කර ගැනීම සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇත.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලන නියෝජිත පිරිසක් හා නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පසුගිය 11 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන්තට යෙදින. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් කරන ලද ඉල්ලීමකට අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයක් පරිදි එම සාකච්ඡාව පැවත්වින.
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ( IFJ ) සමග මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) 2025 වසර සඳහා යෝජිත Union To Union වැඩ සටහන සංවිධානය කිරීම ආරම්භකරනු ලැබීය.
සීතා රංජනී කීර් තිමත් වෘත්තීමය මාධ්‍යවේදිනියක් පමණක් නොව මාධ්‍ය නිදහස සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකාරිනියකි. ඇයගේ අභාවය වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ ශෝක පණිවුඩය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

2025 පෙබරවාරි 17
මාධ්‍ය නිවේදනය
සීතාගේ හඞ තවත් නැත! ඇගේ පරමාදර්‍ශයන් සියවස් ගණනක් පවතී!

2025 පෙබරවාරි 28
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම හෙළා දකිමු!
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේ චූදිතයන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඝාතනයට අදාල විමර්‍ශන යටගැසීමට නීතීපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ගෙන ඇති තීරණය මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේනලය දැඩි පිළිකුලෙන් සහ වේදනාවෙන් යුක්තව හෙළා දකී.
‘කළු ජනවාරිය’ ව්‍යාපෘතියක ක්‍රියාකාරකමක් වියයුතු නෑ! මාධ්‍ය සමාජයේ ප්‍රශ්න කතා කරන වේදිකාවක් හදමු!
මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනසක් වෙනුවෙන් අරගල කළ, ඒ වෙනස වෙනුවෙන්ම රජයන් වෙනස් කළ, නව යුගයක් පතන මොහොතක ඒ වෙනස වෙනුවෙන් ජීවිත අහිමි කරගත්, පහරකෑමට ලක් වූ, කතා කිරීමේ අයිතිය වෙනුවෙන් නොයෙකුත් වධහිංසාවන්ට ලක් වූ අපේම මිනිසුන් කෙසේ අමතක කරන්නද?
කළු ජනවාරි සැමරුමට එන ලෙස මෙරට මාධ්‍යවේදීන්ට මෙන්ම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කරන හැමදෙනාට ම ආරාධනා කරන්නේ ඒ නිසයි.