අපි ගැන

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නිල වෙබ් පිටුවට ඔබ සාදරයෙන් පිළිගනිමු!


දැක්ම

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියාගේ පාරම්පරික නිවහන වීමට එය සිංහල භාෂාවෙන් “ජන මධ්‍යවේදියාගේ මහගෙදර” ලෙසත් දෙමළ භාෂාවෙන් “උඩගංගලින් පුගලිදම්” ලෙසත් නිවැරදිව විස්තර කර ඇත.


මෙහෙවර

ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්වාධීන මාධ්‍ය කර්‍මාන්තයක් ගොඩනැගීම සඳහා මාධ්‍ය කර්‍මාන්තය තුළ සුරක්ෂිත වෘත්තිය වටිනාකමක් සහිත ශක්තිමත් සංවිධානාත්මක හැකියාවක් ඇති ස්වාධීන ජනමාධ්‍ය සේවා නියුක්තිකයින් පිරිසක් බිහි කිරීම.

FMETU යනු!

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) 2002 වසරේ දි පිහිටුවන ලද අතර ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ නියැලෙන මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයින්ගේ වෘත්ති සමිතිවල අනුබද්ධිත අයතනයක් ලෙස වෘත්තීය සමිති රේජිස්ට‍්‍රාර්වරයා යටතේ ලියාපදිංචි වී ඇත. එය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටින ප‍්‍රධානතම වෘත්තිය සමිතියයි. ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ගේ පොදු හෝ සාමාජිකයින්ගේ ඕනෑම ගැටළුවක් විසඳීමට සහ ඔවුන්ගේ වෘත්තිය ආරක්ෂා කිරීමට සෑම විටස පෙරමුණ ගනියි.

2000 වර්ෂයේ දී ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) පූර්ණ සාමාජිකත්වය ලබා ගත් ශී‍්‍ර ලංකාවේ පළමු මාධ්‍ය සංවිධානය FMETU වේ.

එය ස්ථාපනය කරනු ලැබුවේ පහත අභිමතාර්ථයන් සපුරාලීම සඳහා ය.

  • ඉලෙක්ට්‍රෝනික හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන්හි සියළුම සේවා නියුක්තිකයින් සහ ප‍්‍රාදේශිය මාධ්‍යවේදීන් එකම සම්මේලනයක් තුළ ගොනු කිරීම.
  • සාමාජිකයින්ගේ අයිතීන්, ප‍්‍රතිලාභ සහ සමිති වෙනුවෙන් පෙනී සිටීම ආරක්ෂා කිරීම සහ අයිතීන් වැඩි දියුණු කිරීම.
  • සාමාජිකයින්ගේ ආර්ථික තත්වය ඉහල නැංවීම
  • සාමාජිකයින් සඳහා පහත සඳහන් ප‍්‍රතිලාභ ලබා දීම.
     වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ග හෝ සහන සහ රැුකියා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සඳහා වූ වෘත්තිය අරගල හේතුවෙන් සාමාජිකයින් මුහුණ දෙන බිය ගැන්වීම් සහ හිරිහැර වලට එරෙහිව සහාය දීම.
     අවශ්‍ය විටෙක ඔවුන්ගේ රැුකියා සම්බන්ධ ගැටළු සඳහා නීති ආධාර සහ උපදෙස් ලබාදීම.
  • සම්මේලනය සහ අනෙකුත් ආශි‍්‍රත කණඩායම් අතර විධිමත් සබඳතා ශක්තිමත් කිරීම.
  • වෘත්තීය ආරවුල් වලදී සාමාජිකයින් නියෝජනය කිරීම.
  • ජනමාධ්‍ය ප‍්‍රජාවට බලපානු ලබන ජාතික වැදගත්කමකින් යුත් කටයුතු සඳහා මැදිහත් වීම.

දේශීය හා ජාත්‍යන්තර

ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන






ඔබට ගැටළු තිබේද?
අපව අමතන්න,
නැත්නම් පැමිණෙන්න.

+[94] 773 641 111

අංක 30,
අමරසේකර මාවත,
කොළඹ 05.
ශ්‍රී ලංකාව.

info@fmetu.org

Newsletter

Get latest news & update

© 2021 – FMETU. All rights reserved.

Carefully crafted by Cyber Ceylon