මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට සිදුකළ මිලේච්ඡ පහරදීම හෙළාදකිමු!
2021 නොවැම්බර් 28 දින පෙරවරුවේ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් සිය මාධ්‍ය වාර්‍තාකරණයක යෙදී සිටියදී මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව තිබේ. මුල්ලිවෛක්කාල නාමපුවරුවෙහි ඡායාරූපයදී ගනිමින් සිටි අවස්ථාවේදී කටුකම්බි ඔතන ලද තල් පිත්තකින් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර තිබේ. ප්‍රහාරය සිදුකර ඇත්තේ එම ස්ථානයේ රැඳීසිටි හමුදා භට පිරිසක් විසින් බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදීන් පවසා සිටී. මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකවරයා ද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්‍තා වේ.