සිරියාව – ක්ෂේත්‍ර වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අතිශයින්ම වැදගත් වේ. ‘මැද පෙරදිග සහ අරාබි ලෝකයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව‘ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, පසුගිය ජනවාරි මාසයේදී දමස්කස් (Damascus) සහ ලටකියා (Latakia) යන නගරවලදී වෘත්තීය ආරක්ෂාව පිළිබඳ පුහුණු සැසි දෙකක් පවත්වන ලදී.
වෘත්තීය හැකියාවන් ගොඩනැගීම සහ ක්ෂේත්‍රයේ වැඩ කරන විට වඩාත් ආරක්ෂිත වැඩපිළිවෙලවල් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙම පුහුණු සැසි අපගේ අනුබද්ධ ආයතනයක් වන සිරියානු මාධ්‍යවේදීන්ගේ සංගමය (SJU) සමඟ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලදී.

