ශ්‍රී ලංකාවට මෑත දශක කිහිපය තුළ එල්ල වූ දරුණුතම ගංවතුර තත්ත්වය වන ‘ඩිත්වා’ (Ditwah) සුළි කුණාටුව

ශ්‍රී ලංකාවට මෑත දශක කිහිපය තුළ එල්ල වූ දරුණුතම ගංවතුර තත්ත්වය වන ඩිත්වා‘ (Ditwah) සුළි කුණාටුව ,2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු මෙරට මුහුණ දුන් දරුණුතම ස්වභාවික විපත ලෙස සැළකේන අතර,මෙහි බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතී:

මියගිය සංඛ්‍යාව: නිල වශයෙන් තහවුරු කළ මරණ සංඛ්‍යාව 649 දක්වා ඉහළ ගොස් ඇත.අවතැන් වූවන්: පුද්ගලයන් 170,000කට අධික පිරිසක් තවමත් සහන කඳවුරුවල හෝ තාවකාලික ස්ථානවල රැඳී සිටිති. මෙරට මුළු ජනගහනයෙන් 10%ක් පමණ, එනම් මිලියන 2.3 ජනතාවක් මෙම ආපදාවෙන් සෘජුවම බැටකා ඇත. නිවාස 6,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර 108,000කට වැඩි ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇත. මාර්ග කිලෝමීටර් 16,000කට වඩා වැඩි ප්‍රමාණයක් සහ දුම්රිය මාර්ග කිලෝමීටර් 278ක් ගංවතුරට හසු විය. රෝහල් 243ක් සහ පාසල් සිය ගණනකට හානි සිදුව ඇති අතර, වගාබිම් හෙක්ටයාර මිලියන 1.1ක් (මුළු භූමි ප්‍රමාණයෙන් 20%ක්) ජලයෙන් යටවීම නිසා අස්වැන්නට සහ පශු සම්පතට දැඩි හානි සිදුව ඇත.