මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් තහවුරු කිරීම වෙනුවෙන් ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රනයක් සඳහා යෝජනා

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව නැවත වටයකින් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මේ පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තයේ පූර්‍ණ වෙනසක් සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා මාලාව පසුගියදා ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කරන ලදී.
සම්මේලනයේ සභාපති ඉඳුනිල් උස්ගොඩආරච්චි හා ප්‍රධාන ලේකම් ධර්‍මසිරි ලංකාපේලිගේ අත්සනින් යතුව ඉදිරිපත් කළ එම යෝජනා මාලාව සම්පූර්‍ණයෙන් පහත පළකෙරේ.

ලොව පුරා මාධ්‍යවේදින්ගේ පරමාදර්ශය ජූලියස් ෆූචික් කියවමු!

”නිතරම අපි ඔට්ටුවට තබන්නේ මරණයයි. ගෙස්ටාපෝවට හසුවීම යනු අවසානය බව අපි දන්නෙමු. එම අවසානය ගැන මා හට සඳහන් කල නොහැක. අවිනිශ්චිතයි. එහෙත් මෙය සැබෑ යථාර්තයකි. අවසන් ජවනිකාවට තිරය විවෘත කිරීමට ආසන්නය. මිත‍්‍රවරුනි මම ඔබලාට ආදරය කරමි. එබැවින් ආරක්ෂාවන්න”.
හිට්ලර්ගේ නට්සි පාලන යුගයේ කෲර වද බන්ධනයන්ට යටත්ව මරා දමන ලද උත්තරීතර ජනමාධ්‍යවේදියෙකු වූ ජූලියස් ෆූචික් (Julius Fucik) ප‍්‍රකාශ කළ ඒ වදන් සදාකල්හිම අප හදවත් තුළ රැව් දෙන්නේ ඔහු ඒ තරම්ම පරමාදර්ශි මාධ්‍යවේදියෙකු වූ නිසාමය.

මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට සිදුකළ මිලේච්ඡ පහරදීම හෙළාදකිමු!

2021 නොවැම්බර් 28 දින පෙරවරුවේ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් සිය මාධ්‍ය වාර්‍තාකරණයක යෙදී සිටියදී මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව තිබේ. මුල්ලිවෛක්කාල නාමපුවරුවෙහි ඡායාරූපයදී ගනිමින් සිටි අවස්ථාවේදී කටුකම්බි ඔතන ලද තල් පිත්තකින් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර තිබේ.  ප්‍රහාරය සිදුකර ඇත්තේ එම ස්ථානයේ රැඳීසිටි හමුදා භට පිරිසක් විසින් බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදීන් පවසා සිටී. මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකවරයා ද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්‍තා වේ.

නොබෙල් සාම ත්‍යාගය ලැබීම ගැන Ressa සහ Muratov මාධ්‍යවේදීන්ට IFJ සුබ පතයි

පිලිපීන සහ රුසියානු මාධ්‍යවේදීන් වන Maria Ressa සහ Dmitry Muratov මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයින් ලෙස අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ කල්පවත්නා සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට ඔවුන් දරන උත්සාහය” වෙනුවෙන් ය. මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) ජයග්‍රාහකයින්ට උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, මෙම සම්මානය ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ගේ තීරණාත්මක කාර්යභාරය පිළිගැනීමක් බව පවසනු ලබයි. ජනමාධ්‍යවේදීන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ රටවල මහජනතාවට සේවය කිරීම සඳහා දැවැන්ත අභියෝගයන් රැසකට මුහුණ දී සිටිති.

Proudly powered by Themelexus.com