වෘත්තිය මාධ්‍යවේදීන්ගේ පොදු මධ්‍යස්ථානය ”ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය” බිහිවේ!
දිවයින පුරා විසිරී සිටින වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා පොදු ජාතික මධ්‍යස්ථානයක් බිහිකිරීමේ අරමුණින් උතුරු නැගෙනහිර ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වූ සාකච්ඡාවක්, 2021 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්විණි. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මගපෙන්වීම අනුව පසුගිය කාලයේ දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවක ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය සමිති පිහිටුවාලීමට කටයුතු කරනු ලැබීය. එම වෘත්තිය සමිති ලියාපදිංචිය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවට අයදුම්පත් භාරදෙනු ලැබුව ද, එහිදී මතුවූ ප‍්‍රායෝගික අපහසුතා නිසා ලියාපදිංචිය ප‍්‍රමාද විය.