තමන් මිරිකෙමිිින් සිටින ජීවනබර අඩුකර සහන සළසන ලෙස ඉල්ලා, නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පැවති සාමකාමී උද්ඝෙෂණයට පොලීසිය හා ආරක්ෂා හමුදා විසින් එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්රවෘත්ති නිවේදනයක් නිකුත්කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය සමිපූර්ණයෙන් පහත පළවේ.
මාධ්‍ය නිවේදනය, 2022 අප්‍රේල් 02
මිරිහාන සාමකාමී උද්ඝෝෂණයට හා වාර්තා කළ මාධ්‍යවේදීන්ට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයේ වගකීම රජය භාරගත යුතුයි.
තමන් වෙත එල්ලවෙමින් තිබෙන දැරිය නොහැකි ආර් ථික පීඩනය හමුවේ සහන ඉල්ලා රජයට බලපෑම් කරමින්, නිහඞ විරෝධතාවයක නියැලුනු, නුගේගොඩ, මිරිහාන ජනතාව වෙත හා උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පොලීසිය හා ආරක්ෂක හමුදා විසින් එල්ල කරනු ලැබූ ම්ලේච්ච, නිවට, බියගුලු ප්‍රහාරය මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමග එකතුවෙමින් දැඩිව හෙළා දකී. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය සංවිධානය වේ.
මේ අතර මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියාගත් පිරිසක් ජනමාධ්‍යවේදීන්ට වහාම වාර්තාකරණයෙන් ඉවත්වෙන ලෙසට තර්ජනයකර ඇති අතර “අප උඹ ගැන පස්සේ බලාන්නම්” යනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා බියගන්වා තිබේ. ඔහු මේ පිළිබඳව මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
පොලීසියේ හා ආරක්ෂක හමුදා පිරිස්, පහරදී වධහිංසාවන්ට ලක් කිරීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලැබූ මාධ්‍යවේදීන් අතර, සිදුවීම මුළුමණින්ම සජීවීව වාර්තා කළ සිරස මාධ්‍යවේදී අවංක කුමාර, චතුර දේශාන්, දෙරණ මාධ්‍ය ආයතනය නියෝජනය කළ සුමේධ සංජීව ගාල්ලගේ, ප්‍රදීප් වික්‍රමසිංහ, නිශ්සංක වේරපිටිය හා ලංකාදීප මාධ්‍යවේදී වරුණ වන්නිආරච්චි ද විය. බරපතල ලෙස තුවාල ලැබූ මාධ්‍යවේදීන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර සඳහා නිසි ලෙස රෝහල්ගත කිරීමක් හෝ සිදුකිරීමට පොලීසිය කාරුණික නොවීය.
රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කළ ද, ඒ පිළිබඳව නොසළකා හරිමින් එල්ල කළ මෙම බියගුලු ප්‍රහාරය ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය වාර්තාකරණය වළක්වාලීමේ අරමුණින් යුතුව සිදුකළ මිලේච්ඡ ක්‍රියාවක් බවට සැකයක් නැත. මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම පිළිඳව රජය සම්පූර්ණයෙන් වගකීම භාරගතයතු බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අවධාරණයකර සිටී.
එබැවින් මෙම ප්‍රහාරය පිළිබඳව පුළුල් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, මාධ්‍යවේදීන්ට හා සාමකාමී ජනතාවට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා ජනතාව වෙත තොරතුරු ලබාදීමට මාධ්‍යවේදීන්ට ඇති ශුද්ධ අයිතිය ආරක්ෂා කරන ලෙසත් ජනාතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා නොකරන ලෙසත් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය රජය ප්රමුඛ බලධරයන්ගේන් දැඩිව ඉල්ලා සිටී.
විශ්වාසී
ධර්මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම්, 077 364 1111