මාධ්‍යවේදීන්ගේ ආචාරධර්‍ම භාවිතය සමාජ ප්‍රගමනය සඳහා යොමු කිරීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය උනන්දු වේ!

දිවයිනේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය  ආචාර ධර්‍ම භාවිතාව, සමාජ ප්‍රගමනය සඳහා භාවිතා කිරීමට යොමු කෙරෙන අධ්‍යාපන වැඩ සටහනක් (Mediathon) කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ රෙයින්බෝ ආයතනය විසින් සංවිධානය කෙරින.

“Mediathon” නම් වූ අධ්‍යාපන වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායකත්වය “ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ” SRP වැඩසටහනේ කොටසක් ලෙස යුරෝපීය සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය එකාබද්ධව ලබා දෙන ලදී.

Mediathon වැඩසටහන, මාධ්‍යවේදීන් ආචාර ධර්‍ම භාවිතය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරනු ලැබූ වැඩසටහනකි, තමන්ගේ මාධ්‍ය භාවිතය තුළ සමාජ ප්‍රගමනයට දායකවීම පිළිබඳව සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගත් පැය 21 ක මාර්‍ගගත පුහුණුවක් විය.

පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යකරනයේ නියැළෙන පූර්‍ණ කාලීන මාධ්‍යවේදීන් 130 ක් සමග   මාධ්‍ය විෂය හදාරන සිසුන්පිරිස්ක ද සහභාගී විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රජාවන් සහ භාෂා නියෝජනයන් සහිතව දිස්ත්‍රික්ක 25  ම නියෝජනයවන පරිදි වූ මාධ්‍යවේදීන් පිරිසක් මෙම පුහුණුව සාර්ථකව නිමකර තිබේ.

මෙම Mediathon වැඩසටහන සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා ජනතාව යොමුකිරීම වෙනුවෙන් සමාජීය සහජීවනය, ආකල්පමය සහ හැසිරීම් පෝෂණය කිරීම පිණිස ජනමාධ්‍ය කාර්‍ය්‍යභාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

රේන්බෝ ආයතනයේ ප්‍රධාන අධ්‍යයන උපදේශක සහ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන විශේෂඥවරයෙකු වූ ආචාර්‍ය්‍ය මහීම් මෙන්ඩිස්, ප්‍රවීන විදේශ මාධ්‍යවේදිකෙු සහ ජනමාධ්‍ය පුහුණුකරුවෙකු වූ , ශිහාර් අනීස් සහ සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කථිකාචාර්‍ය්‍යවරියක් වූ තුෂාරි ගමගේ මහත්මිය මෙම වැඩ සටහනේ සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ලදී.

Mediathion සඳහා විෂය මාලාව නිර්මාණය කරන ලද්දේ ටාන්යා වර්ණකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විශේෂඥ කණ්ඩායමක් විසිනි. වර්ණකුලසූරිය මහත්මිය සමග  රේන්බෝ සන්නිවේදන ආයතනයේ මාධ්‍ය විශේෂඥයින් සහ මාධ්‍ය පුහුණුකරුවන් පවත්වන ලද වැඩමුළුවකින් විෂය මාලාව ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තයට ගැලපෙන පරිදි නැවත සැළසුම් කිරීමට ද  පියවර ගනු ලැබින.

සහභාගිවන්නන් සිංහළ, දෙමළ හා ඉංග්‍රීසි භාෂා මත පදනම්ව වර්ගීකරණය කරන ලද කණ්ඩායම් 6 කට බෙදා මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා ඔවුන් යොමු කරනු ලැබීය.

Mediathon පාඨමාලාව අතරතුර ප්‍රායෝගික අභ්‍යාස, ක්‍රියාකාරකම්හී නිරතවෙමින් අවසන් සැසියේදී, සහභාගිවූවන් මාධ්‍ය ආචාර ධර්‍ම සහ සමාජීය ප්‍රගමනය සඳහා ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින් අතිශය නිර්මාණශීලී පෝස්ටර් සහ සටන් පාඨ නිර්මාණය කරනු ලැබීය.

මේ අධ්‍යාපන වැඩ සටහන සඳහා සහභාගී වූ ජනමාධ්‍යවේදීන් අතරින් තෝරාගත් මාධ්‍යවේදීන් 20 දෙනෙකු පමන වූ ඉතාමත් සීමිත පිරිසකට සංඛේතාත්මක සහතිකපත් පිරිනැමීමේ උළෙලක් 2021 දෙසැම්බර් 16 වන දින කොළඹ රේන්බෝ සන්නිවේදන ආයතන පරිශ්‍රයේදී පැවත්වන්නට යෙදින. වඩසටහනට සම්බන්ධවූ අනෙකුත් සාමාජිකයන් සියළුදෙනා අන්තර්ජාලය හරහා සජීවීව සම්බන්ධවීමට කටයුතු කරනු ලැබීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන හා ඉංග්‍රීසි ආයනයේ අධ්‍යක්ෂිකා ලොයිස් කව්චර් මහත්මියයි. උත්සව සභාව ඇමතූ ඇය නිවැරදිව තොරතුරු ඉදිරිපත් කිරීමේ මාධ්‍යය කාර්යභාරය සහ වගකීම පිළිබඳව අවධාරණය කළාය. “කිසිදු හානියක් නොකරන්න” යන මූලධර්මය මත පදනම් වූ තොරතුරු වාර්‍තාකරන ලෙසත්, මීඩියාතන් පුහුණුවෙන් ලද අත්දැකීම් සිය මාධ්‍ය භාවිතය සඳහා යොදාගන්නා ලෙස ද ඇය රේන්බෝ ආයතනයෙන් සහ වැඩසටහනට සහභාගී වූ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියාය.

ආචාර්‍ය්‍ය මහිම් මෙන්ඩිස් මහතා අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය කවුන්සිලයට සිය කෘතඥතාව පළ කළේය. වැඩසටහනට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් හැමදෙනාම වැඩසටහන පිළිබඳව ප්‍රශංසාත්මකව කථාබහ කරන බව තමන් දන්නා බවත්, ප්‍රායෝගික තලයේදී සිය අත්දැකීම් හා මාධ්‍ය ආචාර ධර්‍ම භාවිතා කිරීමට සහභාගී වූවන් ඒකමතිකව සිටින බවත්  අවධාරණය කරනු ලැබීය. රේන්බෝ ආයතනය දශකයකට වැඩි කාලයක් පුරාවට විවිධ මාධ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම තුළින් මාධ්‍යවේදීන් සවිබල ගැන්වීමටත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කිසියම් බලපෑමක් කිරීමටත් සමත්ව සිටින බව ඔහු පැහැදිලි කළේය.

     

බොහෝ ව්‍යාපෘති ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද අතර ධර්මසිරි ලංකාපේලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,( FMETU) මෙම කටයුතුවලදී විශාල සහයෝගයක් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එසේම, මෙම වසර මුලදී, රේන්බෝ සන්නිවේදන ආයතනය ඇමරිකානු මධ්‍යස්ථානය සමඟ හවුල්කාරිත්වයෙන්, ලංකාවේ දිස්ත්‍රික්ක දහයක (10) තරුණ නායකයින් දෙසියයක් (200) සඳහා මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ පැය 30ක පුහුණු වැඩසටහනක් ද පවත්වනු ලැබීය.

FMETU සමඟ රේන්බෝ ආයතනය මාධ්‍යවේදීන් හැත්තෑවක් සඳහා නායකත්ව කුසලතා වර්ධනය කිරීමටත්,  මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ වෘත්තීය සමිතිය ශක්තිමත් කර ගැනීමට ඔවුන්ට මගපෙන්වීමට දායකත්වය ලබාදෙන ලද තවත් වැඩ සටහනකි. FMETU හි විධායක කමිටුවේ නායකත්ව භූමිකාවන්ට පිවිසීමටත්, තරුණ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන්ට සංවිධානය තුළ නායකත්වය ගැනීමට ඇති අවස්ථාව මෙම වැඩසටහන මඟින් තහවුරු කරන ලදී.

මේ වැඩ සටහන සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, IFJ විසින් සහාය දක්වන ලදී.

රේන්බෝ සන්නිවේදන ආයතනය FMETU සමඟ එක්ව ඉදිරියේදීත් මෙවැනිම වූ වැඩකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙන අතර මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමටත්, වැඩිදියුණු කිරීමටත් දායක වීම වෙනුවෙන් විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ මාධ්‍යවේදියාගේ හතරවන රාජ්‍ය භූමිකාව ශත්කතිමත් කිරීමට කැපවේ.

මැණිකේ මෙන්ඩිස්

 

ලොව පුරා මාධ්‍යවේදීන් 46 ක් ඝාතනයට, 488 ක් සිර කඳවුරුවල

පසුගිය 14 වෙනිදා ප‍්‍රකාශයට පත් කරන ලද දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානයේ 2021 වාර්ෂික වාර්තාවට අනුව, මාධ්‍යවේදිනියන් 60 ක් ඇතුළුව 488 ක් ලොව පුරා සිරගෙවල් වල රඳවාගෙන සිටින අතර තවත් 65 ක් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටිති. මේ අතර, 2021 දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 46 කි. එය වසර 20 කට පසු වාර්තාවූ අඩුම අගයයි.

වෘත්තිය මාධ්‍යවේදීන්ගේ පොදු මධ්‍යස්ථානය ”ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය” බිහිවේ!

දිවයින පුරා විසිරී සිටින වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා පොදු ජාතික මධ්‍යස්ථානයක් බිහිකිරීමේ අරමුණින් උතුරු නැගෙනහිර ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වූ සාකච්ඡාවක්, 2021 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්විණි. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මගපෙන්වීම අනුව පසුගිය කාලයේ දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවක ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය සමිති පිහිටුවාලීමට කටයුතු කරනු ලැබීය. එම වෘත්තිය සමිති ලියාපදිංචිය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවට අයදුම්පත් භාරදෙනු ලැබුව ද, එහිදී මතුවූ ප‍්‍රායෝගික අපහසුතා නිසා ලියාපදිංචිය ප‍්‍රමාද විය.

මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් තහවුරු කිරීම වෙනුවෙන් ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රනයක් සඳහා යෝජනා

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව නැවත වටයකින් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මේ පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තයේ පූර්‍ණ වෙනසක් සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා මාලාව පසුගියදා ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කරන ලදී.
සම්මේලනයේ සභාපති ඉඳුනිල් උස්ගොඩආරච්චි හා ප්‍රධාන ලේකම් ධර්‍මසිරි ලංකාපේලිගේ අත්සනින් යතුව ඉදිරිපත් කළ එම යෝජනා මාලාව සම්පූර්‍ණයෙන් පහත පළකෙරේ.

ලොව පුරා මාධ්‍යවේදින්ගේ පරමාදර්ශය ජූලියස් ෆූචික් කියවමු!

”නිතරම අපි ඔට්ටුවට තබන්නේ මරණයයි. ගෙස්ටාපෝවට හසුවීම යනු අවසානය බව අපි දන්නෙමු. එම අවසානය ගැන මා හට සඳහන් කල නොහැක. අවිනිශ්චිතයි. එහෙත් මෙය සැබෑ යථාර්තයකි. අවසන් ජවනිකාවට තිරය විවෘත කිරීමට ආසන්නය. මිත‍්‍රවරුනි මම ඔබලාට ආදරය කරමි. එබැවින් ආරක්ෂාවන්න”.
හිට්ලර්ගේ නට්සි පාලන යුගයේ කෲර වද බන්ධනයන්ට යටත්ව මරා දමන ලද උත්තරීතර ජනමාධ්‍යවේදියෙකු වූ ජූලියස් ෆූචික් (Julius Fucik) ප‍්‍රකාශ කළ ඒ වදන් සදාකල්හිම අප හදවත් තුළ රැව් දෙන්නේ ඔහු ඒ තරම්ම පරමාදර්ශි මාධ්‍යවේදියෙකු වූ නිසාමය.

මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට සිදුකළ මිලේච්ඡ පහරදීම හෙළාදකිමු!

2021 නොවැම්බර් 28 දින පෙරවරුවේ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් සිය මාධ්‍ය වාර්‍තාකරණයක යෙදී සිටියදී මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව තිබේ. මුල්ලිවෛක්කාල නාමපුවරුවෙහි ඡායාරූපයදී ගනිමින් සිටි අවස්ථාවේදී කටුකම්බි ඔතන ලද තල් පිත්තකින් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර තිබේ.  ප්‍රහාරය සිදුකර ඇත්තේ එම ස්ථානයේ රැඳීසිටි හමුදා භට පිරිසක් විසින් බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදීන් පවසා සිටී. මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකවරයා ද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්‍තා වේ.

නොබෙල් සාම ත්‍යාගය ලැබීම ගැන Ressa සහ Muratov මාධ්‍යවේදීන්ට IFJ සුබ පතයි

පිලිපීන සහ රුසියානු මාධ්‍යවේදීන් වන Maria Ressa සහ Dmitry Muratov මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයින් ලෙස අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ කල්පවත්නා සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට ඔවුන් දරන උත්සාහය” වෙනුවෙන් ය. මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) ජයග්‍රාහකයින්ට උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, මෙම සම්මානය ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ගේ තීරණාත්මක කාර්යභාරය පිළිගැනීමක් බව පවසනු ලබයි. ජනමාධ්‍යවේදීන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ රටවල මහජනතාවට සේවය කිරීම සඳහා දැවැන්ත අභියෝගයන් රැසකට මුහුණ දී සිටිති.

ලක් සතොස තවමත් සුදු ලූනු පොඩි කරන්නේ ඇයි?

බිඟුන් මේනක ගමගේ සහ චාමර සම්පත් විසිනි

මහජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව සාධාරණ මිලට සපයාදීමේ අරමුණෙන් 2021 ජුනි 7 වැනිදා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබිණ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන දෙපළ එක්ව ඉදිරිපත් කර තිබූ මෙම කැබිනට් යෝජනාවෙන් ඔවුන් ඉලක්ක කර තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා පෞද්ගලික පර්යන්තවල අත්හැර දමා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය.

වැව හැදීම අතරමග නැවතීම නිසා කන්න දෙකක් අහිමි ගොවියන් විරෝධතාවයක

දඹුල්ල කාංචන කුමාර ආරියදාස විසිනි

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සීගිරිය අවුඩංගාව මහවැව ප්‍රතිසංස්කරණය කිරීමේ දී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙන් ගොවීන්ට කන්න දෙකක් වගාව අහිමිවී දැඩි අවදානමකට ලක්ව ඇතැයි පවසමින් 28 දින පෙරවරුවේ ගොවි නියෝජිතයෝ විරෝධතාවයක නිරත වූහ.

FMETU වෙබ් අඩවිය එළිදැක්වීම

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ අටවන නියෝජිත සමුඵවට සමගාමීව සිංහල, දෙමළ, ඉංග්‍රීසි ත්‍රෛයි භාෂා වෙබ් අඩවියක් ජනගත කිරීමට නියමිතය.

ජනමාධ්‍යවේදීන් විසින් ම ස්වාධීන ප්‍රවෘත්තිමය වෙබ් අඩවියක් ලෙස පවත්වාගෙන යෑමට නියමිත අතර IFJ-UTU 2021 මෙම වෙබ් අඩවිය ජනගත කිරීම සඳහා මග පෙන්වා දී තිබේ.

ඔබට ගැටළු තිබේද?
අපව අමතන්න,
නැත්නම් පැමිණෙන්න.

+[94] 773 641 111

අංක 30,
අමරසේකර මාවත,
කොළඹ 05.
ශ්‍රී ලංකාව.

info@fmetu.org

Newsletter

Get latest news & update

© 2021 – FMETU. All rights reserved.

Carefully crafted by Cyber Ceylon