“පුවත්පත් කලාවේදීන්ගේ පඩිපාලක සභාව”, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයන් සියල්ල එකාබද්ධකර “ජනමාධ්‍යවේදීන්ගේ පඩිපාලක සභාව” ලෙස නම් කිරීම, “ප්‍රාදේශීය මාධ්‍යවේදියා” තනතුර මාධ්‍යවේදීන්ගේ පඩිපාලක සභාවට ඇතුළත් කිරීම හා ප්‍රාදේශීය මාධ්‍යවේදියා සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාර අරමුදලේ හිමිකම ලබාගැනීම පිළිබඳව 2021 අප්‍රේල් 05 වෙනි දින, ගරු කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු සාමූහ ඡායාරෑපයකට ‍පෙනී සිටි අවස්ථාව.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා, කම්කරු කොමසාරිස් ජනරාල්තුමා, මාධ්‍ය ලේකම් සමග සාකච්ඡාවට සමිබන්ධ වූ ජනමාධ්‍යවේදීන් කණ්ඩායම ඡායාරෑපයේ වෙති.