මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය – අටවන නියෝජිත සමුඵව 2021 ඔක්තෝබර් මස 30 පෙ.ව. 10.30 – පස්වරු 01.30 මාර්ගගතව (Online) පැවත්වීමට නියමිතය.

“ජනමාධ්‍ය මහජන සේවාවකි! අවදිවෙමු! නැගිටිමු! මාධ්‍ය කර්මාන්තය රකිමු! සමුළුවේ තේමාව වේ.

ආරාධිත දේශනය, “පැන්ඩෝරා පත්‍රිකා සහ COVID 19 19 වසංගතය තුළ මාධ්‍යවේදීන්ගේ වගකීම්” මැයෙන්, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්ලෙනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ජෙරමි ඩියර් මහතා විසින් පැවැත්වීමට නියමිතය.

ගරු කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාල කම්කරු කොමසාරිස් ජනරාල් නිතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාල විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා- සම්මේලනයල – සමාජ ආර්ථික දේශපාලන විචාරක මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතාල ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්ලෙනයේ හා, ඉන්දියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති, සබිනා ඉන්දජිත් මෙනවියල ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ ආසියානු හා ෆැෂිපික් කලාපීය අධ්‍යක්ෂිකා, ජේන් වර්තින්ටන් මහත්මිය, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්, :ක්‍ඵඹ* සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ, ප්‍රධාන විධායක, සමුළුවේ ආරාධිතයන් ලෙස සුබපැතුම් ඉදිරිපත් කිරීමට නියමිතය.