මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය මගපෙන්වීම අනුව යමින් දිවයිනම ආවරණය කළ ගවේෂණ වාර්‍තාවක් පසුගිය 05 දා ඉදිරිපත් කරනු ලැබීය. ජනමාධ්‍ය වෘත්තිකයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන බුද්ධිමතුන් ‍මෙම ගවේෂණය සඳහා දායකත්වය දක්වන ලදී.

 

 

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තය මහජන සේවා ජනමාධ්‍ය සේවාවක් ලෙස ප්‍රතිසංස්කරණය විය යුතු බවත්, එයට අදාල යෝජනා ඉදිරියේදී මාධ්‍ය ප්‍රධානීස් සහ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ අදාල වගකිවයුත්තන් වෙත ඉදිරිපත් කරන බවත් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලන‌යේ ප්‍රධාන ලේකම් ධර්‍මසිරි ලංකාපේලි පවසා සිටී. 

එම වාර්‍තාව සමාජගත කිරීමේ අවස්ථාව වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

ජාතික මාධ්‍ය සංවර්‍ධන ප්‍රතිපත්තියක් සහ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තිය අයිතිවාසිකම්, ආරක්ෂාව තහවුරු කරගැනීම අරමුණ පෙරදැරිව මාධ්‍යවේදීන් හා මාධ්‍ය කර්‍මාන්තයේ ප්‍රධානීන්, සිවිල් සමාජය සහභාගී කරගනිමින් පැවැත්වූ සංගණනයේ වාර්‍තාව මාධ්‍ය කර්‍මාන්තයක් ලෙස මුහුණ අභියෝග සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු කළයුතු ප්‍රතිසංස්කරණයන් සඳහා යෝජනා මාලාවක් ‍මෙම වාර්‍තාව මගින් ඉදිරිපත්කර තිබේ. එම යෝජනා ජයග්‍රහණය කරගැනීම සඳහා ඉදිරියේදී මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සහ  මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සමග ඒකාබද්ධ ක්‍රියාමාර්‍ග තෝරාගැනීමට අපේක්ෂා කරනු ලබන බවද අනාවරණය කරන ලදී..

එහිදී එම වාර්‍තාව පිරිනැමීම සංනිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටන් මැණික් මෙන්ඩිස් මහත්මිය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිදු ජයවර්ධන වෙත පිරිනැමීම ද සිදු කෙරින.

මාද්‍ය සාකච්ඡාවට එකතු වෙමින් සම්මේලනයේ ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර  “‘මෙම සමීක්ෂණය සදහා ලංකාව පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් 250කට වැඩි ප්‍රමාණයක් සමග සාකච්ඡා කරමින්, ඔවුන් සමග තොරතුරු හුවමාරු කර ගත්තා. මාධ්‍ය කර්‍මාන්තයට තියෙන අභියෝග, ජනමාධ්‍ය නිදහස සඳහා තිබෙන බාධා, ජනමාධ්‍ය වෘත්තිකයන්ට ජනමාධ්‍ය ආයතනවලට ඇති මතු කෙරෙන බාධා හා මාධ්‍ය නිදහසට එල්ල කරන තර්‍ජනයන් මෙන්ම එයට බාධා කරන නිතිරීති පිළිබදව හා මාධ්‍යට එරෙහි අණපනත්  පිළිබදව අපි මෙම සමීක්ෂණය යොමුකළා.

මාධ්‍ය කර්‍මාන්තය මහජන සේවා කර්මාන්තයක් බවට පත් කිරීමට අවශය වටපිටාව සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ රටේ ජනමාධ්‍ය වෘත්තියේ නියැලෙන මාධ්‍යවේදීන් මාධ්‍ය වේදිනියන්, මාධ්‍ය සේවකයන් සහ හිමිකරුවන් අභියෝග රැසකට මුහුණදෙනවා. වෘත්තිය ආරක්ෂාව සහ මාධ්‍ය වාර්‍තාකරණයේදී මතු වෙන අභියෝගයන් නිසා ඇතිවෙන බාධාවන් පිළිබද අපි සාකච්ඡා මේ වාර්‍තාව තුළ සාකච්ඡාකර ඒවාට පිළියම් හා විසඳුම් ද යෝජනාකර තිබෙනවා ” යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාව දේමළ බසින් පැහැදිළි කිරීම මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපතිනි ක්‍රිෂ්ණි ඉර්ෆාන් මහත්මිය හා ඉංග්‍රීසි බසින් පැහැදිළි කිරීම විධායක සභික ෂරීෆා තාහීර් සිදුකළ අතර   විධායක සභික ගාල්ලේ අනුරාධ ප්‍රියදර්‍ශන මහතාද සහභාගී විය.