පොල්ස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් අගමැති දිනේශ් ගුණවර්‍ධන පාර් ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

2024/06/25

මාධ්‍ය නිවේදනය

අගමැතිවරයාගේ ප්‍රකාශය අධිකරණයට  අපහාසයක් ද?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය පිළිගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ජුලි 26 වැනිදා පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශය වාර්තා කිරීමේදීත්, ඒ පිළිබද අදහස් පළ කිරීමේදීත් වෘත්තිය මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට අධිකරණ අපහාස නීතිය යටතේ දඩුවම් ලැබීමේ අවදානම පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සිය අවධානය යොමු කර සිටී.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිවලට මුවා වී පාර්ලිමේන්තුව තුළදී උක්ත ප්‍රකාශය සිදු කළද, එම ප්‍රකාශය වාර්තා කිරිමේදී එම වරප්‍රසාද නීතිවල ආරක්ෂාව වෘත්තිමය මාධ්‍යවේදීන්ට ලැබෙන්නේ එම ප්‍රකාශය එලෙසම වාර්තා කරන අවස්ථාවකදී පමණි.

එම ප්‍රකාශය වාර්තා කිරිමෙන් එහා ගොස් එයට පක්ෂව අදහස් ප්‍රකාශ කිරීමත්, එම ප්‍රකාශය මතින් සිදු කර ඇති අධිකරණ තීන්දුවකට අපහාස කිරිමේ ක්‍රියාවට සහයෝගය දැක්වීමත් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකීමට ඉඩ තිබේ.

ඒ අනුව සිදුවීම පිළිබද වාර්තා කිරීම මත මාධ්‍යවේදීන්ට ඉදිරියේදී අධිකරණයට අපහාස කිරීම පිළිබද පැමිණිලි ලැබීමේ ඉඩකඩක් පවතින බව විශ්වාස කරන අප සම්මෙලනය   එම ප්‍රකාශය වාර්තා කිරිමේදී අධිකරණයට අපහාස කිරීමේ නීතිපිළිබද ඉතා ප්‍රවේශම්කාරී වන ලෙස  මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සියලු මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලා සිටී. එසේම  අධිකරණ නියෝගයක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොමැති බව ද සිහිපත් කර සිටී.

මෙම ප්‍රකාශය මැතිවරණ සමයක රට ව්‍යවස්ථාමය අර්බුදයකට යෑමේ ඉඩකඩක් පවතින හෙයින් එම ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සිහිපත් කර සිටී.

ධර්‍මසිරි ලංකාපේලි                                                                              තරිඳු උඩුවරගෙදර

ප්‍රධාන ලේකම්                                                                                     ජාතික සංවිධායක

077 364 1111                                                                                     076 434 1621