මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ 10 වැනි නියෝජිත සම්මේලනය මැයි මස 15 වෙනි දින කොළඹ 05, රෙයින්බෝ ආයතන පරිශ්‍රය මූලික කරගනිමින් මාර්‍ගගතව (Online) පැවති අතර සම්මේලනය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගැනීම ද සිදුවිය.
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ 10 වැනි නියෝජිත සම්මේලනය සාමාජික ලියාපදිංචියෙන් පසු මූලාසන මණ්ඩලය ලෙස තරිඳු, රිස්වාන් සහ ඉන්දිරා තොරා ගන්නා ලදී. ඉන්දිරා නවගමුව සහෝදරියගේ පිළිගැනීමේ කථාවෙන් සභාවේ කටයුතු ආරම්භ විය.
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සාමාජික සංවිධානයක් වන අතර මෙරට මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් සාමාජිකත්වය දරණ විශාලම වෘත්තිය සමිති සම්මේලනය වේ.
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ ලේකම් ඇන්තනි බෙලෙන්ජර් (Anthony Bellanger) සහ අසියා ෆැසිපික් කළාපයේ අධ්‍යක්ෂිකා ජේන් වර් තින්ටන් (Jane Worthington) මහත්මිය විසින් සභාවට සිය සුභපැතුම් ඉදිරිපත් කරන ලදී.
ලේකම්වරයා විසින් ඉදිරපත් කළ ලේකම් වාර්‍තාව, 2025-27 කාලය සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම, 2024-25 මූල්‍ය වාර්‍තාව පිළිගැනීම සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය එහිදී කටයුතු කරනු ලැබීය.
සම්මේලනයේ නව සභාපතිවරිය ලෙස ඉන්දිරා නවගමුව තේරී පත් වූ අතර, උප සභාපති ධුර සඳහා සෙල්වකුමාර් සහ ගෞරි ශ්‍රී බ්රුන්තාන් තේරී පත් විය. ප්‍රධාන ලේකම්වරයා ලෙස තරිඳු උඩුවරගෙදර තේරී පත් වූ අතර නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා ක්‍රිෂ්නි ඉර්‍ෆාම් ද සහකාර ලේකම්වරිය ලෙස ෂරීෆා තාහීර් ද තේරී පත් විය. භාණ්ඩාගාරික ලෙස නැවතත් තේරී පත් වූයේ රිස්වන් සේගු මොහිදීන්ය. ජාතික සංවිධායක ලෙස අනුරාධ ප්‍රියදර්‍ශන තේරී පත් වූ අතර නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස ප්‍රදීප් සේනාධීර පත් විය. ධර්‍මසිරි ලංකාපේළි, ඩග්ලස් නානායක්කාර, බන්දු තඹවිට, ලක්මාල් බදුගේ, සුභාෂිනී ද සිල්වා, ප්‍රසංග පෙරේරා, අසිත වීරවර්ධන, ඉන්දික ගරුසිංහ, සිවකුමාර් තිව්‍යා, ජෝසෆ් නයන්, රෝහණ කුමාර දිසානායක, පුන්‍යමූර් ති සසිකරන්, සමන් දිසානායක, නිමල් ජයරත්න, සුභභාෂණ ගමගේ, සුභාෂිනී ටානියා ද සිල්වා සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන් ලෙස තේරී පත් විය.
“ශ්‍රී ලංකාව පුරා මාධ්‍යවේදීන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳ ජාතික සමීක්ෂණය” “Press under Pressure: a study of journalists’ working conditions in Sri Lanka”, නම් වූ වාර්‍තාව එදින පෙරවරුවේ එළදැක්වීම ද සිදුවිය. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් පවත්වන ලද මෙම ජාතික සමීක්ෂණය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) විසික් පූර්‍ණ සහාය ලබාදෙන ලදී.
Survey Report