“ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය – වගකීම් සහගතව අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට” – IFJ-UTU 2023 වැඩසටහන-අවසාන ක්‍රියාකාරකම

 IFJ-UTU 2023 වැඩසටහනෙහි අවසාන ක්‍රියාකාරකම “ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය – වගකීම් සහගතව අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට” තේමාව යටතේ නොවැමිබර් 23 පෙරවරු 10.00 සිට මාර්‍ගතව පවත්වන්ට යෙදින.  වැඩසටනට සමගාමීව FMETU 9 වැනි ජාතික නියෝජිත සමුළුව 2023 – 11 – 23 සමුළුව පැවත්වීමට ද කටයුතු කෙරින.

සිංහළ, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගූගල් පෝරමයක් සාමාජිකයන් වෙත නිකුත් කරමින් 125 පමණ ආරාධනා ලැබූ  පිරිස අතරින්105 පමණ පිරිසක් ලියාපදිංචි විය. අද ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්‍ග පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මෙම සමුළුවේදී සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ FMETU ප්‍රමුඛ මාධ්‍ය සංවිධානයක් ලෙස ශක්තිමත් කිරීම කෙරෙහි මෙවර වැඩසටහනේ විශේෂ අවධානය යොමු විය. සියලුම දිස්ත්‍රික්කවල FMETU සාමාජිකයින්ගේ සාමූහික සහභාගීත්වයෙන් 2024/25 සඳහා පෙර සැළසුම් කළ උපායමාර් ගික සැලැස්ම පිළිබඳව හා ඉදිරි ක්‍රියා මාර්‍ග සැලසුම් කිරීම විශේෂයෙන් සාමාජික අවධානයට යොමු විය.

“2024-25 සංවිධානයේ ඉදිරි සැළසුම් හා මාධ්‍යවේදීන්ගේ කාර්‍ය්‍යභාරය හා වගකීම් සහ IFJ-UTU-2023 ”  මැයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී, තරිඳු උඩුවරගෙදර  ආරම්භක දේශණය පැවත්වනු ලැබීය. IFJ-UTU-2023 වැඩ සටහන යටතේ සැළසුම් කළ ” උපාය මාර් ගික මැදිහත්වීම් සැළැස්ම 2024-25″ දීර්‍ඝව පැහදිළි කළ  ඔහු එහිදී සාමාජිකයන්ට පැවරෙන වගකීම් මැනවින් පැහදිළි කරදෙනු ලැබීය. දේශනයෙන් පසු ඒ පිළිබඳව පැවති සජීවී සංවාදය සඳහා සාමාජික මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතින. උපායමාර් ගික සැලැස්මේ හඳුනාගත් ගැටළු සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා සාමාජිකයින් ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලදී. මේ සඳහා නිර්‍මාණය කර ඇති ගූගල් පෝරමය හරහා මාධ්‍යවේදීන් 100 කට අධික පිරිසක් සිය අදහස් එකතු කරනු ලැබ තිබින.

එම සාකච්ඡාවෙන් අනතුරුව 2024 නියෝජිත සම්මේලනයේ කටයුතු පසුගිය මූලාසනය සඳහා තේරී පත්වූ ඉන්දිරා නවගමුව මූලිකත්වයෙන් ආරම්භ විය. පසුගිය නියෝජිත සම්මේලන වාර්‍තාව ධර්‍මසිරි ලංකාපේලි විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව 2024-25 දෙවසර සඳහා නව නිළධාරී මණ්ඩල තොරාපත්කර ගැනීම සිදුවිය. එහිදී තේරීපත්වූ නිළධාරි මණ්ඩලය 09 දෙනෙකුගෙන් සමන්විත වන අතර විධායක සභික සංඛ්‍යාව 16 දෙනෙකි. සම්පූර්‍ණ විධායක මණ්ඩලය 25 දෙනෙකුගෙන් සමන්විතය.

භාණ්ඩාගාරික  රිස්වාන් සේගු මොහිදීන් විසින් 2021-22 විගණන වාර්තාව ඉදිරිපත් කළ අතර එයට සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව පැවති ස්තුති කතාවෙන් වැඩසටහන නිමාවට පත්විය.

2024 සහ 2025 සඳහා FMETU ක්‍රියාකාරී සැලැස්ම සැලසුම් කිරීම !

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය FMETU ශ්‍රී ලංකා විසින් ඉදිරි 2024 සහ 2025 වසර දෙක සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරී සැලැස්ම සැලසුම් කිරීම සඳහා පූර්ණ දින වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම වැඩසටහන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, IFJ-UTU ව්‍යාපෘතියේ 2023 ඉදිරි ක්‍රියාමාර්‍ගයකි. දිවයින පුරා සිටින මාධ්‍යවේදීන් සවිබල ගැන්වීම සඳහා මෙම වැදගත් මුලපිරීම ශ්‍රී ලංකා රේන්බෝ ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි. වැඩසටහන සඳහා දැනුම එකතු කරමින් වැඩසටහන මෙහෙය වූයේ දිලීප සමරසිංහ සහ මහීෂ්කා ප්‍රනාන්දු යන පුහුණුකරුවන් විසිනි.

විධායක සභාව සහ ක්‍රියාකාරීන් 16 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් තමන්ගේ සංවිධාන ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේම විසඳුම් සාකච්ඡා කොට ඉදිරි පියවරයන් සැළසුම් කළහ.

2024 සහ 2025 සඳහා ඉදිරි සැලසුම් සංවිධානය කිරීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරී ක්ෂේත්‍ර

මාතෘකා සහ අනු මාතෘකා ඉලක්කයන්

  1. මාධ්‍යවේදීන්ගේ ගැටළු, මාධ්‍යවේදීන්ට ඇති අභයෝග හඳුනාගැනීම සහ ඒවා ජයග්‍රහණයන් සඳහා ව්‍යුහයන් සකස් කිරීම
  2. සුබසාධන යෝජනා, වැටුප් යෝජනා සහ වෘත්තීය අයිතිවාසිකම්
  3. අපේ යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය
  4. වසරකට රුපියල් 1200 ක්වූ සාමාජික මුදල අඛණ්ඩව ගෙවන්නේ කෙසේද?
  5. මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන (දමිළ මාධ්‍යවේදිනියන් ගේ සංගමය, රාජ්‍ය මාධ්‍ය සංවිධාන, ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ මාධ්‍යවේදීන් බලමුලු ගැන්වීම සඳහා නිර්‍මාණාත්මක මැදිහත්වීම.
  6. රාජ්‍ය මාධ්‍ය ආයතන වෘත්තීය ප්‍රශ්ණ, සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් යොජනා කළ හැකි සැළසුම්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වැටුප්, දීමනා ක්‍රමවත් ලෙස ලබාගන්නට ක්‍රමවේදයන් සැළසුම් කිරීම.
  7. FMETU අනුබද්ධ වෘත්තීය සමිති ශක්තිමත් කිරීම. එක් එක් මාධ්‍යවේදීන්/සංවිධාන බලමුලු ගන්වන ආකාරය හඳුනා ගැනීම.
  8. FMETU.org වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම/වැඩිදියුණු කර සබැඳි ප්‍රවෘත්ති ප්‍රකාශයක් ආරම්භ කිරීම සඳහා සැළසුම් කිරීම? නිව්ස් බුලටින් ආකෘතිය හා සැළැස්ම.
  9. මාධ්‍යවේදීන් වෘත්තීමය වශයෙන් පුහුණු කිරීම (මාධ්‍යවේදීන් ඩිජිටල් ආර් ථිකයට ගැලපෙන පරිදි) වෘත්තීමය තත්වය,  අවශ්‍ය දැනුම,  යෝජනා  සැළසුම්
  10. සංගමය සඳහා වාර් ෂික අයවැයක් සකස් කිරීම

       

 

IFJ-UTU ගෝලීය වශයෙන් මාධ්‍ය සංවිධාන ශක්තිමත් කිරීම – 2023

FMETU ධාරිතාව නැංවීම පිළිබඳ විගණන වැඩමුළුව – සැප්තැම්බර් 13

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය , ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. මීට වසර 21 කට පෙර 2002 වසර ආරම්භයේ සිටම, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය සහ ආසියා පැසිෆික් කාර්‍ය්‍යාලය සමග ශ්‍රී ලංකාව පුරා සිටින මාධ්‍යවේදීන් බලගැන්වීමට සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

FMETU-IFJ-UTU – 2023 – ආයතනික විගණන වැඩමුළුව සැලසුම් කිරීම!

FMETU සංවිධාන විගණන වැඩමුළුව සඳහා සැලසුම් කිරීමේ සාකච්ඡාව, එහි විධායක කමිටුව සහ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කළ ප්‍රධාන සාමාජිකයින් සමග වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සැළසුම සාකච්ඡා කිරීමට 2023 අගොස්තු 23 රැස්විය.

සංවිධානයේ ආයතනික විගණනයට පහසුකම් සැලසීම සඳහා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන IFJ Asia Pacific හි Jane Worthington මහත්මිය පිළිගැනීමට FMETU බලාපොරොත්තු වේ.

ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ IFJ-UTU ව්‍යාපෘතිය – 2023

 

FMETU විධායක කමිටු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ශක්තිමත් කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) වාර් ෂික වෘත්තීය සමිති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය, 2023 සඳහා ක්‍රියාකාරී සැලැස්ම ජූලි 31 වන දින රේන්බෝ ආයතන කාර්‍ය්‍යාලයේදී සාකච්ඡා කරනු ලැබීය.

වැඩසටහන් සැලසුම් කිරීමේ රැස්වීම සඳහා රේන්බෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මැණික් මෙන්ඩිස් මහත්මිය, වැඩබලන මහලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය, සභාපති ක්‍රිෂ්නි ඉර්ෆාම් මහත්මිය, භාණ්ඩාගාරික රිස්වාන් සේගු මොහිදීන් මහතා ඇතුළු FMETU විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු සහභාගී විය.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) ආසියා ෆැෂිපික් අධ්‍යක්ෂිකා ජේන් වර් තින්ටන් මහත්මිය ද මේ වැඩසටහන් හා සම්බන්ධවීමට නියමිතය.

 

ඔබට ගැටළු තිබේද?
අපව අමතන්න,
නැත්නම් පැමිණෙන්න.

+[94] 773 641 111

අංක 30,
අමරසේකර මාවත,
කොළඹ 05.
ශ්‍රී ලංකාව.

info@fmetu.org

Newsletter

Get latest news & update

© 2021 – FMETU. All rights reserved.

Carefully crafted by Cyber Ceylon