දඹුල්ල කාංචන කුමාර ආරියදාස විසිනි

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සීගිරිය අවුඩංගාව මහවැව ප්‍රතිසංස්කරණය කිරීමේ දී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙන් ගොවීන්ට කන්න දෙකක් වගාව අහිමිවී දැඩි අවදානමකට ලක්ව ඇතැයි පවසමින් 28 දින පෙරවරුවේ ගොවි නියෝජිතයෝ විරෝධතාවයක නිරත වූහ.
විවිධ බැනර් පෝස්ටර් ලියාගෙන ප්‍රතිසංස්කරණය කරන ලද වැව් බැම්ම මතට පැමිණි ගොවීන් සටන් පාඨ කියමින් කෑකෝ ගසමින් තම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ දී ප්‍රමිතියකින් යුතුව සිදු නොකළ බවත් මේ වන විට සොරොව් තුනම කඩා දමා තිබීම නිසා ජලය රැඳීමක් නොමැති බවත් එම හේතුවෙන් තමන්ගේ අක්කර 255 ක් පමණ භූමිය කන්න දෙකක් පුරන් වී ඇති බව චෝදනා කරන්නට වූහ.
මෙම ප්‍රතිසංස්කරණ වැඩ වැඩපිළිවෙල සිදුකළ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නම්කොට ඇති ඉංජිනේරුවරුන් වැඩ පාලකවරුන් ඇතුළු කණ්ඩායම මුදල් ලබාගැනීම පමණක් සිදු කරමින් අතරමග වැඩ වැඩකටයුතු සියල්ල දමා ගොස් ඇතැයි ඔවුහු චෝදනා කරන්නට වූහ.
වැව් බැම්ම දිගේ කෑගසමින් සටන්පාඨ කියමින් ගොවීහු ඇවිද යන්නට වූහ
එම යන අතරතුර වැව සංවර්ධනයේදී සිදුව ඇති බව කියන හානි රැසක් පෙන්වා දෙමින් ඔවුන් කියා සිටියේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ දී යොදාගත් පස් මේ වන විට නැවත වැවට එක් වෙමින් පවතින බවය
එමෙන්ම ගමේ ජනතාව දියනෑම සඳහා යොදාගත් අඩිතාලම ද කඩා බිඳ දැමීම් සිදු කළ බවත් පසුව ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ විසින් එය හදා දුන් බවත් සොරොව් තුනම විවෘත කොට ඒවායේ ඇතුල් කොටස ඉවත් කර ඇති බව පෙන්වා දුන්හ.
මෙම පිරිස් වැඩිදුරටත් කියා සිටියේ මෙම වැවේ සංවර්ධන කටයුතු වලට සමගාමීව වැවේ වාන ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට කොන්ත්‍රාත් ලබාදී තිබෙන බවය
එම ඉදිකිරීම් ද සිදු කරනු ලබන්නේ ප්‍රමිතියකට නොවන බව ඔහු කෑ කෝ ගසමින් පෙන්වාදුන් අතර පැරණි වාන තිබියදීම කොන්ක්‍රීට් අතුරමින් පැලැස්තර අලවනවා බව පෙන්වමින් එම කොන්ක්‍රීට් අතින් සහ ලී කැබලි වලින් අලවංගු වලිං කඩා දමමින් එහි ස්ථිර භාවය නැති කම පෙන්වා දෙන්නට උද්ඝෝෂකයෝ සමත් වුහ
එමෙන්ම මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලද නිලධාරීන් මත්පැන් සාද පැවැත්වූ ස්ථානයක් ද ගොවීන් විසින් ජනමාධ්‍යවේදීන්ට පෙන්වා දෙමින් කියා සිටියේ රජයේ මුදල් ලබාගෙන කොන්තරාත් කරුවන් මෙම ස්ථානයේ මත්පැන් පානය කිරීම සිදු කළ බව ඔවුහු පෙන්වා දුන්හ.
එමෙන්ම මෙම වැව යටතේ අක්කර 255 ක් කුඹුරු පවතින බවත් ගොවි පවුල් 225 ක් පමණ සිටින බව උද්ඝෝෂකයෝ පැවසූහ.එම් සියලු දෙනාටම පසුගිය යල කන්නය ද මෙවර මහ කන්නය ද අහිමි වී ඇති බව පෙන්වා දෙමින් කියා සිටියේ සම්පූර්ණ මෙහි වග්කීම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ලබාග ගත යුතු බවය.
ඒ අනුවඅප එම් ස්ථානයේම සිට මාතලේ දීස්ත්‍රික් සහකාර ගොව්ජන සේවා කොමසාරිස් ඩබ්ලිව්. එම්. කුමාරිහාමි මහත්මිය ගෙන් විමසීමක් කිරීමේ දී කියා සිටියේ මෙම වැවේ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන නවයක් ඇස්තමේන්තු කොට ඇති බව ය. එහෙත් මේ වන විට රුපියල් මිලියන 2.6 ක ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් එයින් යන්ත්‍රසූත්‍ර සඳහා රුපියල් මිලියන 1.6 ක් ගෙවා තිබෙන බවය. මුදල් ප්‍රතිපාදන ලැබෙන ආකාරයට වැවේ ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව ඇය පැවසුවාය.
ගොවි සංවිධානයේ ලේකම් චරිත් නලින්ද මහතා මාතලේ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් කුමාරිහාමි මහත්මිය සමඟ දුරකථනයෙන් සාකච්ඡා කිරීමේදී ද දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.