වසර 14ක් තිස්සේ සිරදඞුවම් විඳි මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ් ජුනි 24 වැනිදා  නිදහස් කිරීම හා තමන්ගේ මව්රටට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබීම ජනමාධ්‍ය නිදහස උදෙසා ගෝලීය සටනේ තවත් තීරණාත්මක ජයග්‍රහණයක් බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය සමග එකතු වෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

2024/06/25

මාධ්‍ය නිවේදනය

ජුලියන් අසාන්ජ්ගේ නිදහස ජනමාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය සටනේ තවත් ජයග්‍රහණයක්!

ඣවසර 14ක් තිස්සේ සිරදඞුවම් විඳි මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ් ජුනි 24 වැනිදා  නිදහස් කිරීම හා තමන්ගේ මව්රටට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබීම ජනමාධ්‍ය නිදහස උදෙසා ගෝලීය සටනේ තවත් තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සලකනු ලබයි.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ විධායක සභාව පසුගිය සතියේ ලංඩනයේ රැස්වී මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ්ගේ නිදහස පිළිබද දීර්‍ඝ සාකච්ඡා කරනු ලැබීය. අනතුරුව සම්මේලනය විසින් නිකුත් කළ නිවේදනය පෙන්වා දෙන්නේ ජුලියන් අසාන්ජ් මුහුණදුන් චෝදනා 18න් 17ක් ඉවත් කිරීම තුළින් සාමාන්‍ය ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය අපරාධමය වරදක් ලෙස ස්ථාපිත කිරීමට ඇමෙරිකානු රජය ගත් උත්සාහය වැළකී ඇති බවය.

“ජූලියන් අසාන්ජ්ගේ දැන් නිදහස් ය. ඒය තොරතුරු ලබාදීම හා දැනුවත් කිරීමේ අයිතිය ලැබූ ජයග්‍රහණයකි. එය තවදුරටත් ලොව පුරා මාධ්‍යවේදීන්ගේ ජයග්‍රහණයකි.” ජූලියන් අසාන්ජ්ගේ නිදහස පිළිබදව ්‍රකාශයක් කරන IFJ සභාපතිනිය  ඩොමිනික් ප්‍රදලි පවසා සිටී.

IFJ ප්‍රධාන ලේකම් ඇන්තනි බෙලෙන්ජර් පවසන්නේ “ජූලියන් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීමට ගත් උත්සාහය මාධ්‍යවේදීන්ට, විශේෂයෙන් ජාතික ආරක්ෂක ප්‍රශ්න ආවරණය කරන මාධ්‍යවේදීන්ට අඳුරු සෙවනැල්ලක් විය. අසාන්ජ් සිය ජීවිත කාලය පුරාවටම සිරගත වූයේ නම්, ජාතික ආරක්ෂාව පිළිබඳ උනන්දු ඕනෑම මාධ්‍යවේදියෙකු එවැනි ඉරණමකට මුහුණ දීමට ඇති බිය නිසාම කෙතරම් වැදගත් ලියවිල්ලක් තමන්ට භාර දුන්නද ඒ පිළබඳව උනන්දු නොවනු ඇත.” 

විකිලීක්ස් වෙබ් අඩවිය හරහා 2010 දී ඇමෙරිකානු හමුදාව ඉරාකයේදී සිදු කළ යුධමය අපරාධ ක්‍රියාකාරකම් හෙළිදරව් කළ අතර, එතැන් පටන් ඇෆ්ගනිස්ථාන යුද්ධය ඇතුළු අවස්ථා ගණනාවකට අදාල සංවේදී තොරතුරු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කළේය.

මාධ්‍ය නිදහස උදෙසා ජුලියන් අසාන්ජ් සහ විකිලීක්ස් පිළිබ‍දව දශකයකට වැඩි කාලයක් ගෙනගිය අරගලය ජනමාධ්‍යවේදීන් මුහුණදෙන අවදානම මනාව තහවුරු කරන්නක් වන අතර, ජයග්‍රහණය ලැබීමට ලොවපුරා මාධ්‍යවේදීන් සාමූහිකව සංවිධානය වීමේ අවශ්‍යතාව මාධ්‍ය සේවක වෘත්තීය සම්මේලනය දැඩිව අවධාරණයකර සිටී.

විශ්වාසී

ධර්‍මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම්, 077 364 1111

 තරිඳු උඩුවරගෙදර, ජාතික සංවිධායක, 077 364 1111