‘කළු ජනවාරිය’ ව්‍යාපෘතියක ක්‍රියාකාරකමක් වියයුතු නෑ! මාධ්‍ය සමාජයේ ප්‍රශ්න කතා කරන වේදිකාවක් හදමු!
තරිඳු ජයවර්ධන – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
හැම අවුරුද්දෙම ජනවාරි මාසෙ කළු ජනවාරිය කියලා ජනමාධ්‍යවේදීන් ගැන කතා කරනවා. හැබැයි ඉතුරු මාස 11 ජනමාධ්‍යවේදීන් අමතක කරනවා. අපි හැමදාම මේ ප්‍රශ්නය ගැන කතා කරමු. කළු ජනවාරිය කියන්නේ ව්‍යාපෘතියක එක ක්‍රියාකාරකමක් පමණක්ම බවට පත්විය යුතු නෑ. මං ආරාධනා කරනවා අපි හැමදාම මේ ප්‍රශ්න ගැන කතා කරමු. ප්‍රශ්නවලට විසඳුම් හොයමු. මේ ප්‍රශ්න ගැන කතා කරන්න හැමෝම එකතු වෙමු කියලා ආරාධනා කරනවා.
‘’අද මේ කතාව මං කොහොමද පටං ගන්නේ කියලා කල්පනා කරමින් හිටියේ. මෙතන ඉන්නවා චන්දන සිරිමල්වත්ත සහෝදරයා. ශාලික අයියා (මාධ්‍යවේදී ශාලික විමලසේන) මතක් කළා ජනතා විමුක්ති පෙරමුණේ පත්තරයක් වෙච්ච ලංකා පත්තරේ සීල් තියලා චන්දන සිරිමල්වත්ත සහෝදරයා අත්අඩංගුවට අරගෙන පෙරේදට අවුරුදු 15ක් කියලා. ඒවගේම මෙතන ඉන්නවා මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය. ශාන්තව සුදු වෑන් එකක පැහැරගන්න ගියා. අනූ නමයෙන් දිවි බේරගත්තේ. ලංකා පත්තරේ වහලා චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගත්තු එකට වගේම ශාන්තගෙ සිද්ධියටත් තවම යුක්තිය ඉෂ්ඨ වෙලා නෑ.
2016දි එවකට නීතිය හා සාමය ඇමති සාගල රත්නායක පාර් ලිමේන්තුවට වාර්‍තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්‍තාවට අනුව 2005 ජනවාරි සිට 2015 ජනවාරි වෙනකං ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ 125ක් ගැන පැමිණිලි තියනවා. ඒ අතර ජනමාධ්‍යවේදීන් 13ක් ඝාතනය කිරීම. ජනමාධ්‍යවෙදීන් 87කට පහරදීම. ජනමාධ්‍යවේදීන් 20ක් අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය ආයතන 05කට ප්‍රහාර එල්ල කිරීම. පොලිස් පැමිණිලි තියෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ 125ක්. මේ 125න් විමර්‍ශන අවසන් කරලා නඩු දාලා තියෙන්නේ එක සිද්ධියකට විතරයි. එක්නැලිගොඩ පැහැර ගැනීමට විතරයි.
2015 යහපාලන රජය බලයට පත්වුණාට පස්සේ ජනමාධ්‍ය සමාජයේ ඉල්ලීම මත ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුත්තිය ඉෂ්ඨ කරනවා කිව්වා. අපරාධවලට නීතිය ක්‍රියාත්මක කිරීම ඉන් එකක්. කලින් සදහන් කළ සිද්ධි 125න් හරියට විමර්ශන පටං ගත්තේ 05ක විතරයි. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, එක්නැලිගොඩ. මේ පහෙනුත් විමර්‍ශන අවසන් කරලා නඩු දැම්මේ එක්නැලිගොඩ සිද්ධියට විතරයි. දෙමළ භාෂාව කතා කරපු, දෙමළෙන් වැඩ කරපු ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ ගැන විමර්‍ශනයක්වත් නෑ. උදයන් එකට පහරදීම ගැන විමර්‍ශනයක්වත් නෑ.
යුක්තියේ එක් කොටසක් තමයි නීතිය ක්‍රියාත්මක කිරීම. තවත් කොටසක් තමයි වන්දි පිරිනැමීම. 2015දි ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් දැම්මා පහරකෑමට, ඝාතනය වෙච්ච ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහ පහරකෑමට ලක්වූ ජනමාධ්‍ය ආයතන වෙනුවෙන් වන්දි පිරිනමනවා කියලා. කැබිනට් පත්‍රිකාව දාලත් අවුරුදු 10ක් වෙනවා මේ වෙනකොට. දුන්නු වන්දියක් නෑ. ඒවා ඔක්කොම බොරු ෂෝ විතරක් වුණා. ඔවුන්ට ඇත්තටම යුක්තිය ඉෂ්ඨ කරන්න වුවමනාවක් තිබ්බේ නෑ.
2005ට කලිනුත් ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වුණා. ඒවටත් යුක්තිය නෑ. 2015න් පස්සෙත් ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සිද්ධ වුණා. තවමත් වෙනවා. ඒවටත් යුක්තිය නෑ. 2015න් පස්සේ ජනමාධ්‍යවේදීන් මරා දැම්මේ නැතිවුණාට ජනමාධ්‍යවේදීන් හිර කරන්න බොහෝ දේවල් කලා. ජනමාධ්‍යවේදීන්ට වැඩ කරන්න බැරිවෙන්න අන පනත් ගෙනාවා. පසුගිය වසර 10ට ලංකාවේ නීති 200කට වැඩිය සම්මත කරලා තියනවා. මේ නීති අතර ජනමාධ්‍යවේදීන්ට බලපාන, භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට බලපාන නීති රැසක් සම්මත කළා. සමහර නීති අපිට මෙලෝ අදාලත්වයක් නෑ. හැබැයි ඒවා ඇතුළෙත් අපිට බලපාන, භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට බලපාන කෑලි දාලා තියනවා. ඒ විදිහට ඉතා සූක්ෂමව ජනමාධ්‍ය පාලනය කරන්න, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පාලනය කරන්න උත්සාහ කළා.
අධිකරණයට අපහාස කිරීමේ පනත, දත්ත ආරක්ෂණ පනත, ඔන්ලයින් පනත ගෙනාවා. ජනමාධ්‍ය පත්තර ටීවීවලින් එහාට ගිහින් ඔන්ලයින් අවකාශයට ප්‍රවිෂ්ඨ වෙන්න පටං ගනිද්දි ඔන්ලයින් සේෆ්ටි පනත ගෙනාවා. සාපරාධී අපහාස නීතිය අයිත් කලා කියලා පංපෝරි ගහපු නායකයා – රනිල් වික්‍රමසිංහ ඒ සාපරාධී අපහාස නීතියටත් එහා ගියපු ඔන්ලයින් සේෆ්ටි පනත ගෙනාවා. ජනමාධ්‍යවේදීන් හිරකරන එක, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඔවුන්ට ඕන විදිහට පාලනය කරන එක තමයි ඔවුන්ගේ අරමුණ වුණේ.
ඇත්තටම ජනමාධ්‍යවේදීන් තියන එකම ප්‍රශ්නය කලින් වෙච්ච අපරාධවලට යුක්තිය ඉෂ්ඨ නොවීම විතරද?
ජනමාධ්‍යවේදින්ගේ ප්‍රශ්න ඒකට සීමා වෙන්නෑ. ඉන් එහා ගියපු දැවැන්ත ප්‍රශ්න ගණනාවක් එක්ක තමයි ජනමාධ්‍යවේදීන් ජීවත් වෙන්නේ.
2015-2019 අතර කාලය ගැන අපි හොයා බැලීමක් කළා. මේ වසර පහක කාලය ඇතුළත විතරක් ජනමාධ්‍යවේදීන් 500කට රස්සා නැතිවෙලා තිබෙනවා. ජනමාධ්‍යවේදීන් 500කට රස්සා නැතිවෙද්දි ජනමාධ්‍ය සේවකයෝ කීදෙනකුට රස්සා නැතිවෙලා ඇත්ද? 2019න් පස්සේ කොවිඩ් කාලෙදි ජනමාධ්‍යවේදීන් ගණනාවකට රස්සා නැති වුණා. පහුගිය කාල සීමාවෙදි ජනමාධ්‍ය ආයතන ගණනාවක් වැහුණා. ජනමාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිත බාවය පිළිබඳ බරපතල ගැටලුවක ඉන්නවා. අඩු තරමේ ඒ ගැන හරි සොයා බැලීමක්වත් නෑ. ජනමාධ්‍යවේදියා තමන්ගේ රැකියාවේ සුරක්ෂිතබව ගැන දැඩි අවධානමක ඉන්නේ.
හැමෝගෙම ප්‍රශ්න ගැන කතා කරන ජනමාධ්‍යවේදියාට ආයතනවලින් කීයද ගෙවන්නේ? තවමත් රුපියල් 20,000ක වැටුපක් නොලැබෙන ජනමාධ්‍යවේදීන් ආයතනවල සේවය කරනවා. ජනමාධ්‍යවේදීන්ට ඉතාම අඩු වැටුපක් ලැබෙන්නේ. ජීවත් වෙන්න තරම් වැටුපක් නෑ.
ඒ වගේම තවමත් ජනමාධ්‍යවේදීන් 100කට වඩා ඉන්නවා පත්වීම් ලිපියක්වත් නැතිව. එහෙමයි ජනමාධ්‍යවේදීන්ට සලකන්නේ. ඒක තමයි ජනමාධ්‍යවේදීන්ගේ රැකියාවල තත්ත්වය.
විද්වත් වෘත්තිකයන්ගේ සංසදය ජනමාධ්‍ය වෘත්තිය වෘත්තියක් විදිහට පිළිගන්නෙත් නෑ. ජනමාධ්‍යවේදින්ගේ වෘත්තිය භාවය නගා සිටුවන්න ක්‍රමයක් නෑ. අපි කවද්ද ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය හදන්නේ? ජනමාධ්‍ය වෘත්තියක් විදිහට පිළිගන්න තැනට ගේන්නේ?
පහුගිය කලේ ජනමාධ්‍යවේදීන් ගණනාවක් රස්සාව දාලා ගියා. සමහරු ප්‍රධාන මාධ්‍ය ආයතනවලින් ඉවත් වෙලා ඔන්ලයින් අවකාශයට ප්‍රවේශ වුණා. සමහරු ජනමාධ්‍ය වෘත්තියම දාලා ගියා. අපි දන්න අපේ සහෝදර ජනමාධ්‍යවේදීන් ඉන්නවා කුඹුරු කොටනවා. ඔවුන් ජනමාධ්‍යට අවශ්‍ය අය. ගවේශනාත්මක දේවල් ලියපු අය. ඒත් හරි හමන් වැටුපක් නැතුව, රැකියා සුරක්ෂිත භාවයක් නැතිව දැන් කුඹුරු කොටනවා. නැත්නම් ජනමාධ්‍යයට කිසිම සම්බන්ධයක් නැති රස්සා තෝරගෙන ඉන්නවා. තවත් බහුතරයක් දෙනා ප්‍රධාන ජනමාධ්‍ය ආයතනවලින් ඉවත් වෙලා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ වැඩ කරනවා.
ඒ වගේම ජනමාධ්‍යවේදියාගේ ආරක්ෂාව ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. අපිට උගන්වද්දි උගන්වන්නේ තමන්ගේ ජීවිතයට වඩා වටින ප්‍රවෘත්තියක් නෑ කියලා. හැම ප්‍රවෘත්තියකටම වඩා ජීවිතය තමයි වටින්නේ කියලා. හැබැයි ඇත්තටම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
අද ජනමාධ්‍යවේදීන් නොයවන තැනක් නෑ. කොයිවෙලාවේ දරුණු ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා හිතාගන්න බැරි උද්ඝෝෂණවලට යවනවා. ගංවතුරේ යවනවා. ජනමාධ්‍යවේදීන් අව්වේ වේලෙනවා. වැස්සේ තෙමෙනවා. හැම තැනම යනවා.
පහුගිය අවුරුදු කිහිපයේ ජනමාධ්‍යවේදී කොච්චර නම් කඳුළු ගෑස්වලට නිරාවරණය වුණාද? ප්‍රමිතියක් නැති, කොලිටියක් නැති, පරණ වෙච්ච කඳුළුගෑස්වලට ජනමාධ්‍යවේදීන් නිරාවරණය වුණා. සමහර අවස්ථාවල උද්ඝෝෂණවලට පහරදෙන්න කලින් ජනමාධ්‍යවේදීන්ට තමයි පහර දුන්නේ මුලින්ම. ජනමාධ්‍යවේදින් ඉලක්ක කරලා ජරා වතුර, කඳුළු ගෑස් ගැහුවා. හැබැයි ජනමාධ්‍යවේදීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. කිසිම කෙනෙක් හොයන්නේ නෑ.
මේ සිද්ධිවලට අදාලව කිසිම ආයතනයක් පැමිණිලි විභාග කරන්නේ නෑ. අනිත් හැම දෙයක්ම හොයනවා, විභාග කරනවා.ඒත් ජනමාධ්‍යවේදීන්ට එරෙහි මේවගේ සිද්ධි ගැන කිසිම කෙනෙක් හොයන්නේ නෑ.
ඒවගේම අපිට මතකයි මීට වසර හතරකට විතර කලින් ‘මී ටූ’ #Me Too කියලා පටං ගත්තා කාන්තා මාධ්‍යවේදීන්. ඒක අතරමග නතර වුණා. ලංකාවේ කාන්තා මාධ්‍යවේදීන් කොච්චර ප්‍රශ්නවලට මුහුණ දෙනවද? සමහර කාන්තා මාධ්‍යවේදිනියන් මේ ප්‍රශ්න නිසා රස්සාව දාලා ගිහින් තියනවා. කාන්තා මාධ්‍යවේදිනියන් මුහුණ දෙන ලිංගික අතවර, ප්‍රශ්න ගැන හොයලා බලන්න කියලා සහ ඒවට විසඳුම් දෙන්න කියලා අපි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලීම් කළා පහුගිය කාලේ. අඩු තරමේ ඒ ලියුම්වලට රිප්ලයි එකක් ආවෙවත් නෑ.
ජනමාධ්‍යවේදීන්ගේ සෞඛ්‍ය ගැන, ජනමාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිත බව ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. කිසිම කෙනකුට කතා කරන්න වුමනාවක් පේන්නත් නෑ.
අද ජනමාධ්‍යවේදීන් කීප දෙනෙක් හරි තවමත් ඒකෙ එල්ලිලාම ඉන්නවා නම්, ජනමාධ්‍යවේදීන් විදිහට දිගටම ඉතුරු වෙලා ඉන්නවා නම් ඒ ඉන්නේ මේකට දැඩි කැමැත්තක් තියන අය විතරමයි.
අද බොහෝ දෙනෙක් ජනමාධ්‍යවේදීන්ගේ ආචාර ධර්‍ම ගැන, මාධ්‍ය ආයතනවල ආචාර ධර්‍ම ගැන කතා කරනවා. ඔව් අනිවාර්‍ය්‍යයෙන්ම කතා කරන්න ඕන. හැබැයි ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ගැන ඒ කතා කරන අය කතා කරනවද? නිකං හරි හිතනවද ඔච්චර බනින මාධ්‍ය ආයතනවල කොහොමද ජනමාධ්‍යවේදීන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ කියලා? සමහර ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් යටතේ ජනමාධ්‍යවේදීන් ඇයි වැඩ කරන්නේ කියලා හිතනවද? සමාජය විසින් ඒ තැනට වැඩ හදලා තියනවා. ඒ ගැන අපි කතා කරන්නේ නෑ. සමහර මාධ්‍ය ආයතනවල මාස දෙක තුනකින් වැටුප් ගෙවලා නෑ. අපි මේවා ගැන කතා කරන්නේ නෑ.
මේ හැම දෙයක්ම බලද්දි ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ එකක් විතරයි. ඒක ඉතාම වැදගත්. ඒකත් එක්කම තවම ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ගණනාවක් තියනවා. ප්‍රශ්න ගණනාවක් මැද්දේ ජනමාධ්‍යවේදීන් ජීවත්වෙනවා. ඒවට උත්තර සෙවිය යුතුයි.
මම සියලු දෙනාට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. ජනමාධ්‍ය සමාජය විවිධ දේවල් නිසා බෙදිලා. සංවිධාන විදිහට බෙදිලා. තරුණ සහ වැඩිහිටි කියලා බෙදිලා. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ කියලා බෙදිලා. විවිධ බෙදීම්. අපි එකතු විය යුතුයි. ඒවගේම ජනමාධ්‍ය සමාජය මුහුණ දෙන ප්‍රශ්නවලින් මිදෙන්න ජනමාධ්‍ය සමාජයටම විතරක්මත් බෑ. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, පුරවැසියෝ එකතු විය යුතුයි. ඒක ඔවුන්ගේ වගකීමක් එක පැත්තකින්.
2025 ජනවාරි 30, කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටදී