සීතා රංජනී කීර් තිමත් වෘත්තීමය මාධ්‍යවේදිනියක් පමණක් නොව මාධ්‍ය නිදහස සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකාරිනියකි. ඇයගේ අභාවය වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ ශෝක පණිවුඩය සම්පූර්‍ණයෙන් පහත පළවේ.
2025 පෙබරවාරි 17
මාධ්‍ය නිවේදනය
සීතාගේ හඞ තවත් නැත! ඇගේ පරමාදර්‍ශයන් සියවස් ගණනක් පවතී!
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සඳහා වූ අරගලයට මෙන්ම ජනමාධ්‍යකරණය උදෙසා සිය ජීවිතයේ දශක ගණනාවක් කැප කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන සීතා රංජනී මහත්මියගේ අභාවය පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) සිය ශාතිශය සංවේගය ප්‍රකාශ කර සිටී.
සීතා රංජනී කීර් තිමත් වෘත්තීමය මාධ්‍යවේදිනියක් පමණක් නොව මාධ්‍ය නිදහස සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකාරිනියක ලෙසද දැඩිව පෙනී සිටියාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (FMM) පුරෝගාමී භූමිකාවක් ඉටු කළ ඇය, එහි කැඳවුම්කාරියක් ලෙස දීර්‍ඝ කාලයක් සේවය කළ අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් කිහිපයකදී මාධ්‍ය මර්‍ධනයට එරෙහි සටනේ පෙරමුණේ සිටියාය. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, මානව හිමිකම් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා ඇයගේ නොසැලෙන කැපවීම ඇය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නායිකාවක් බවට පත් කිරීමට හේතු විය.
ඇය යුක්තිය පුවත්පතේ මුල් පෙළේ මාධ්‍යවේදිනියක් වූවාය. එම අවස්ථාව ගවේෂණාත්මක, තියුණු වාර්‍තාකරණයකට මෙන්ම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිමට ද ඇයට උපකාරී විය. පුවත්පත් කලාවෙන් ඔබ්බට, සීතා රංජනී කිවිඳියක්, සාහිත්‍ය, සිනමා විචාරිකාවක් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ යුක්තිය වෙනුවෙන් පෙනී සිටියාය. ස්ත්‍රීවාදී ව්‍යාපාරවල ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ ඇය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නිදහස් අරගලය වෙනුවෙන් ද නිර් භීතව සහයෝගයෙන් පෙනී සිටි සහෝදරියකි.
ඇයගේ නික්ම යාම ශ්‍රී ලාංකික මාධ්‍ය සහෝදරත්වයට සහ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්‍ම විශ්වාස කරන සැමට නැවත පිරවිය නොහැකි පාඩුවකි. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ඇගේ අතීත උරුමයට ගරු කරන අතර ඇය සිය ජීවිතය කැප කළ මානව නිදහස, කාන්තා අයිතීන් සහ ජාතීන්ගේ සමානත්වය සඳහා වන අරගලය අඛණ්ඩව කරගෙන යාමට අපට ආදර්‍ශයක් වනු නොඅනුමානය. සීතාගේ හඞ තවත් නැත. ඇගේ පරමාදර්‍ශ සහ දායකත්වයන් ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බට මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ පරම්පරා ගණනාවකට ආශ්වාදයක් ලබා දෙනු ඇත.
තරිඳු උඩුවරගෙදර
ජාතික සංවිධායක