ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ( IFJ ) සමග මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) 2025 වසර සඳහා යෝජිත Union To Union වැඩ සටහන සංවිධානය කිරීම ආරම්භකරනු ලැබීය.

 ඒ පිළිබඳ මූලික සංවිධාන සාකච්ඡාවක් සමමේලනයේ විධායක් සභාව 2025 මාර් තු 03 වෙනි දින Zoom මගින් පවත්වන්නට යෙදින. එහි දෙවන සාකඡාව 2025 අප්‍රේල් 06 සහ තෙවැනි සාකච්ඡාව රෙයින්බෝ ආයතනයේදීත් පැවත්වින

 

2025 වැඩ සටහන මුළුමණින්ම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව සමීක්ෂණයක් මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවත්වීමට කටයුතු සූදානම් කෙරේ. ඒ සඳහා මාර්‍ගගත අයයදුම් පතක් සැළසුම් කිරීමට නියමිතය.

 

 ‘හතරවෙනි රාජ්‍ය’ ලෙස සැළකෙන මාධ්‍යවේදීන්හට විශාල කාර්‍ය්‍යභාරයක් ඉටු කිරීමට නිසඟයෙන් ම පැවරී ඇත. මහජනයාට බලපාන තීරණාත්මක කරුණු පිළිබඳ උනන්දුව ජනතාව අතරට ම ගෙන ඒම මාධ්‍යවේදියාගේ වගකීමයි. තමන්ගේ එම ආරක්ෂක භූමිකාව ඉටු කිරීමේදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බොහෝ අභියෝගයන්ට මුහුණ දෙනු ලබයි.

මෙම සමීක්ෂණයේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්වය සහ ඔවුන්ගේ සේවා කොන්දේසි, විශේෂයෙන් රටේ කම්කරු අයිතිවාසිකම්වලට අනුකූල ද යන්න පිළිබඳව තොරතුරු රැස්කිරීම වේ.

මෙම තොරතුරු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ කම්කරු අයිතිවාසිකම්වලට සමාන්තරව මාධ්‍යවේදීන් සඳහා වඩා හොඳ සේවා කොන්දේසි දිනා ගැනීම සඳහා FMETU අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන මෙම උද්ඝෝෂණයේ වාර්‍තාව අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අනෙකුත් තීරකයන් වෙත ඉදිරිපත් කරනු ඇත.

අදාල ගූගල් පෝරමය මාර්‍ගගත සබඳතාවය පසුව ඉදිරිපත් කෙරේ.