මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලන නියෝජිත පිරිසක් හා නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පසුගිය 11 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යාංශ ‍ශ්‍රවණාගාරයේ දී පවත්වන්තට යෙදින. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් කරන ලද ඉල්ලීමකට අමාත්‍යවරයා දැක්වූ  ප්‍රතිචාරයක් පරිදි එම සාකච්ඡාව පැවත්වින.

  • ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම
  •  මාධ්‍යවේදීන් පහුණු කිරීමේ ජාතික පුහුණු ආයතනයක් ස්ථාපිත කිරීම
  •  රාජ්‍ය මාධ්‍ය ආයතන ‘මහජන සේවා මාධ්‍ය ආයතන’ බවට පත් කිරීම
  •  පුවත් මණ්ඩලය අහෝසිකර සුදුසු යාන්ත්‍රණයක් සැකසීම
  • මාධ්‍යවේදීනගේ වෘත්තීය ගැටළු, විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වැටුප්, සේවක අර්‍ථසාධක අරමුදල සාමාජිකත්වය, සේවක භාර අරමුදලේ සාමාජිකත්වය මාධ්‍ය හැඳුණුම්පත සහ තවත් සුවිශේෂී වෘත්තීය ප්‍රශණ
  •  උතුර-නැඟෙනහිර මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ දී මුශුදෙන ආරක්ෂක ගැටළු
  • මාධ්‍යවේදීන්ගේ රක්ෂණාවරණය යාවත්කාලීන කිරීම

ආදී වශයෙන් ජනමාධ්‍ය කර්‍මාන්තයට හා මාධ්‍යවේදීන්ගේ වෘත්තියට අදාල තවත් බොහෝ කරුණු සාකච්ඡා කෙරින.

ලබන මැයි මාසයේදී අනෙකුත් මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය කර්‍මාන්තයට අදාල අනෙකුත් පාර්‍ශවයන් නැඳවා මතුකළ සියළු ප්‍රශ්ණ හා ගැටළුවලට විසඳුමු සොයන්නට එක්ව කටයුතු කිරීම ඇමතිවරයාගේ යෝජනාව විය.

ඉතාමත් සුහදශීලී ලෙස පැවති මෙම සාකච්ඡාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිත් සමමේලනය නියෝජනය කරමින්එහි ප්‍රධාන ලේකම් ධර්‍මසිරි ලංකාපේලි, නියෝජ්‍ය ලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය, ජාතික සංවිධායක තරිඳු උඩුවරගේදර, උතුරු පළාත් සම්බධීකාරක තුන්නාලෙයි සෙල්වා, දකුණු පළාත් සමබන්ධීකාරක අනුරාධ ප්‍රියදර්‍ශන, සබරගමුව පළාත් සම්බන්ධීකාරක රෝහණ දිසානායක යන සහෝදර සහෝදරියන් මහභාගී විය.

මෙහිදී 2024 වර්‍ෂයේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් සම්පාදනය කළ “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා නිර් දේශ” ගවේෂණ වාර්‍තාව ඉන්දිරා නවගමුව මහත්මිය විසින්  අමාත්‍යවරයා වෙත පිළගක්වනු ලැබීය.