පුවත් මණ්ඩල පණත සම්පූර්ණයෙන්ම අහෝසි කර ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් පත් කරන ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි අවධාරනය කරයි.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා ගම්පහදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව අවධරණය කර තිබු අතර එහිදී ඔහු කියා සිටියේ 1973 අංක 05 දරණ මෙම පුවත්පත් මණ්ඩල පණත සංශෝධනය කිරීම සඳහා රජය සූදානම් වන බවත් ඒ සඳහා ජනමාධ්‍ය ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අවසරයද ගෙන ඇති බවයි.

නමුත් ධර්මසිරි ලංකාපේලි අවධාරණය කරන්නේ සමාජ මාධ්‍ය පාලනය කිරීමට දරන උත්සාහය වෙනුවෙන් සමාජ මාධ්‍ය නියාමන කොමිෂමක් ආණ්ඩුව යෝජනා සිටින බවය. රජය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහස පවත්වාගෙන යාමේ අයිතිය අසුරන වටපිටාවක් තුළ මෙම පනත සංශෝධනය කිරීම පිළිබඳව සැක සහිත බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ , සිදු කළ යුත්තේ පුවත් මණ්ඩල පණත සංශෝධනය කිරීම නොව එය සම්පූර්ණයෙන්ම අහෝසි කර ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් පත් කිරීම බවයි . එම කටයුත්ත මේ රටේ මාධ්‍ය සංවිධාන , මාධ්‍ය හිමිකරුවන් , මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම පුරවැසියන්ගේ සහයෝගය ඇතිව ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා රජය මැදිහත් නොවිය යුතු බවත් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි එහිදී අවධාරණය කරනු ලැබීය.