පින්තූරය!

2021 මාර් තු 15 වැනි සඳුදා එවකට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හමුවූ ශ්‍රී ලංකා මාධ්‍ය හිමිකරුවන්ගේ සංගමය (NSSL), ශ්‍රී ලංකා කර්තෘ සංසදය (TEGOSL), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU),නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), දෙමළ මාධ්‍ය සන්ධානය (TMA) මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF),  දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංගමය (SAFMA) සහ ශ්‍රී ලංකා පුවපත් ආයතනය (SLPI)  ස්වයං නියාමන මූලධර්ම මත පිහිටා මුද්‍රිත, ගුවන්විදුලි, රූපවාහිණී සහ සමාජ මාධ්‍ය අධීක්ෂණය සඳහා ස්වාධීන නියාමන අධිකාරියක් සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාව.

ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන විද්‍යුත් විකාශන අධිකාරී පනත පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධමර්‍සිරි ලංකාපේලි විසින් නිකුත් කළ නිවේදනය  සම්පූණර්‍යෙන් පහත පළවේ.

මාධ්‍ය නිවේදනය

2023 ජූනි 03

‘විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක්’ පිළිබඳ රජයේ යෝජනාව පරාජය කරමු.

විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක් පිළිබඳ රජයේ නව යෝජනාව, නිදහස් හා සාධාරණ මාධ්‍ය සම්ප්‍රදායක් පිළිබඳ සාකච්ඡාව 1994 තරම් ඇතට දිවෙන බව සිහිගන්වනු ලබයි. 1994 බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේ රජය විසින් ද පළමු පියවර ලෙස රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රයත්නයක් දරමින් ආර්. කේ. ඩබිලිව්. ගුණසේකර කමිටුව, සිදත් ශ්‍රී නන්දලෝචන කමිටුව ප්‍රමුඛව කමිටු කිහිපයක් පත්කරන ලද අතර අවම වශයෙන් එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට හෝ යොමු වූ බවක් වාර්තා නොවන බව සිහිපත් කරමු.

රටක ප්‍රජාත්න්ත්‍රවාදී පැවැත්ම හා යහපාලනය වෙනුවෙන් ස්වාධීන, සමබර, අපක්‍ෂපාතී මාධ්‍ය භාවිතාවක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයන් බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරනු ලබයි. දශක දෙකකට වඩා වැඩි කාලයක් මේ පිළිබඳව අප රටේ කර්‍තෘ සංසංදය ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන ‘ස්වාධීන මාධ්‍ය නියාමන’ කොමිෂමක් සඳහා උත්සාහ ගනිමින් සිටින බව ඉතිහාසය සාක්ෂි දරයි.

1998 කොළඹ ප්‍රකාශණය සහ 2005 වසරේ තෝලංගමුව ප්‍රකාශණය තවත් උත්සාහයන් දෙකක් ලෙස මෙහිදී සඳහන් කළ හැක. 2005-2006 වසර වළදී මහජන සේවා විද්‍යුත් විකාශන අධිකාරියක් හා ශ්‍රී ලංකාවේ මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් බිහිකරීම වෙනුවෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :ෂත්‍න්‍* මැදිහත්වීමෙන් හ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සකස් කළ කෙටුම්පත  2005 වසරේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ද නියමිතව තිබිණ. පසුව ඇතිවූ දේශපාලන වෙනස්කම් සමග එම සාකඡාව වැළකී ගියේය.

2021 වසරේ එවකට ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ද මෙවැනිම සාකච්ඡාවක් සඳහා උත්සාහ ගත් බව සඳහන් කරමු. නැවතත් වර්‍තමාන රජය විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක් යෝජනා කිරිමට අදාල පණතක් සම්මත කිරීමට සැළසුම් කරමින් සිටී.

විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක් පිළිබඳ වර්‍තමාන රජයේ යෝජනාව රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ජනතාව වෙත තොරතුරු දැනගැනීමට තිබෙන මූලික අයිතිය හරස් කිරීමේ අරමුණ වෙනුවෙන් වූ යෝජනාවක් බව අප සම්මේලනයේ අදහස වේ. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය පාලනය කිරීම වෙනුවෙන් බව විශ්වාස කරමු. එබැවින් රජයේ මෙම යෝජනාව පරාජය කිරීම පිණිස මැදිහත්වෙන ලෙස ශ්‍රී ලංකාව තුළ නිදහස් මහජන සේවා ජනමාධ්‍ය සංස්කෘතියකට එකඟ සෑම පුරවැසියෙකුගෙන් ම අප සම්මේලනය ඉල්ලා සිටී.

මාධ්‍ය නියාමනය සඳහා කිසියම් අවශ්‍යතායක පිළිබඳව රජය කල්පනා කරනු ලබන්නේ නම් පහත සඳහන් යෝජනා පිළිබඳ අවධානය යොමුකරන රජයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

රාජ්‍ය එකඟත්වය ඇතිව 2002 වසරේ පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ්‍රී ලංකා පුවත් පත් පැමිණිලි කොමිෂම ප්‍රතිෂ්ඨඨාපනයකර ඇති අරමුණු ශක්තිමත් කිරීමට වර්තමාන රජය ද සහයෝගීතාවය ලබාදිය යුතු බවට යෝජනා කරන අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමට කටයුතු කිරීමට යෝජනා කරමු.

ස්වයං නියාමනය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන හා අනෙකුත් සිවිල් සංවිධාන ප්‍රමුඛව පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ මඟ පෙන්වීම් හා නිර්දේශයන් මෙහිදී සැළකිල්ලට යොමු කළ යුතුය.

ජනමාධ්‍යවේදීන්ගේ වාත්තීය ආරක්‍ෂාව හා රැකවරණය හා ජනමාධ්‍ය ස්වයං නියාමන ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය කාර්ය පටිපාටියක් සැකසීම පිළිබඳව විවෘත සාකච්ඡාවක් ආරම්භ කිරීමට රජය පහසුකම් සැපයිය යුතු අතර ඒ සඳහා මාධ්‍ය සංවිධාන හා උනන්දු සිවිල් සංවිධාන හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයන්හී සහයෝගය ලබාගත යුතු බවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යෝජනා කර සිටී.

ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රනයක් සඳහා, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කර්තෘ සංසදය, පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය හා අප සම්මේලනය ද ඇතුළත්වූ අනෙකුත් මාධ්‍ය සංවිධාන සමග මේ වෙනුවෙන් සාමූහික  ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ද සඳහන් කරමු.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,  ලෝකයේ රටවල් 170 ක ජනමාධ්‍යවේදීන් ලක්‍ෂ හයකට අධික සාමාජිකත්වයක් සංවිධානයවී සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :ෂබඑැරබ්එසදබ්ක ත්‍ැාැර්එසදබ දf න්‍දමරබ්කසිඑි- ෂත්‍න්‍*  පූර්ණ සාමාජිකත්වය හිමි සංවිධානයකි.

විශ්වාසී

 

                                

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්

විධායක සභාව වෙනුවෙන්

077 364 1111

Email: fmetu123@gmail.com

dlankapeli@gmail.com