FMETU ධාරිතාව නැංවීම පිළිබඳ විගණන වැඩමුළුව – සැප්තැම්බර් 13

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය , ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. මීට වසර 21 කට පෙර 2002 වසර ආරම්භයේ සිටම, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය සහ ආසියා පැසිෆික් කාර්‍ය්‍යාලය සමග ශ්‍රී ලංකාව පුරා සිටින මාධ්‍යවේදීන් බලගැන්වීමට සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU Sri Lanka)  ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සහය ඇතිව සිදු කරන ලද සංවිධාන ධාරිතා විගණනය වෙනුවෙන් IFJ-UTU 2023 වැඩසටහන ලබාදුන් සහයෝගය පිළිබඳව නැවත වරක් ඉතා සතුටට පත් විය.

උතුරු නැඟෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික් සහ ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජනය කරමින් සිංහල/දෙමළ, මුස්ලිම් කාන්තා මාධ්‍යවේදිනියන් සහ මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී විම විශේෂත්වයක් විය.

නියෝජ්‍ය මහලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය විසින් පිළිගැනීමේ කතාව කළාය. පිළිගැනීමෙන් පසුව, IFJ වෙත යවන ලද FMETU ධාරිතාව විගණන ප්‍රතිචාර ප්‍රශ්නාවලිය පිළිබඳව සාකච්ඡා කළෙමු. අභියෝග, විසඳුම් සහ සහභාගිවූවන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡාව හා ප්‍රතිපෝෂණ ඉදිරිපත් කිරීම් ඉන් අනතුරුව සිදුවිය.

 

FMETU හි විධායක කමිටුවේ හා ප්‍රධාන ක්‍රියාකාරී මාධ්‍යවේදීන් 20 දෙනෙකු සමග කොළඹ රේන්බෝ ආයතනයේ දී සැප්තැම්බර් 13 වන දින පවත්වන්නට යෙදින.

 

IFJ හි Asia Pacific අධ්‍යක්ෂිකා, Jane Worthington මහත්මිය විසින් මෙම සිත්ගන්නා සුළු සහ අභිප්‍රේරණ වැඩමුළුව සඳහා තම අත්දැකීම් එකතු කරමින් දායකත්වය දක්වන ලදී.

 

FMETU ත්‍රිභාෂා වෙබ් අඩවිය (fmetu.org) හි සංවර්ධනය සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කිරීම සහ වැඩිදියුණු කිරීම් සඳහා ප්‍රතිපෝෂණ ලබා ගැනීම සඳහා සාකච්ඡාව FMETU වෙබ් උපදේශක සජිත් ශාරංග මහතා විසින් මෙහෙයවන ලදී.