පුනරුත්ථාපන පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දූෂණ විරෝධී පනත සහ මාධ්‍ය නියාමන කොමිෂන් සභා පනත වැනි මර්දනකාරී නීතිවලට එකතු වන අලුත්ම නීතිය ලෙස එකතු කිරීමට නියමිතව ඇත්තේ ‘‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ ය. එම පණත් කෙටුම්පතට විරෝධය පළ කරමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ සම්පූර්‍ණ නිවේදනය පහත පළවේ.

මාධ්‍ය නිවේදනය

2023 සැප්තැම්බර් 22

යෝජිත ‘මාර්‍ගගත (Online)  ක්‍රියාරකම් සුරක්ෂිත කිරීමේ පනත’ පරාජය කළයුතුය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඉදිරිපත් කරන ලද මර්‍ධනකාරී අනපණත් අතරට අ`ඵතින්ම එකතුවන පණත ‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ ලෙස පාර් ලිමේන්තුවේ සම්මත කිරීමට යෝජනාකර තිබේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු විසින් ඉදිරිපත්කර ඇති පුනරුත්ථාපන පණත, ප්‍රතිත්‍රස්ත පණත, දූෂණ විරෝධී පණත සහ මාධ්‍ය නියාමන කොමිෂම යන  මර්‍ධනකාරී අණ පණත් අතරට එකතුකරනු ලබන අලුත්ම පණත ‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ වේ.

රටතුළ ප්‍රජාත්නතත්‍රවාදය හා පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කිරීම වෙනුවෙන් මැදිහත්වන නව පණත් ලෙස අර්‍ථ දක්වන පාලකයන්ගේ පරම අපේක්ෂාව ජනපීඩාව නිසා රජයට එරෙහිව වර්‍ධනය වියහැකි මහජන විරෝධය පාලනය කිරීම බව මාධ්‍ය සංවිධාන, බහුජන සංවිධාන ප්‍රමුඛ බුද්ධිමතුන්ගේ අවධාරණය වේ. මෙම පණත පිළිබඳව නීතිඥ ප්‍රජාව වෙනුවෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා පවසන ආකාරයට මෙම නව පණත් කෙටුම්පතේ මූලික අරමුණ ‘සමාජ මාධ්‍ය’ පාලනය කිරීම සඳහා බවයි.

රටතුළ වර්‍ධනය වෙමින් පවතින ආර් ථික සමාජ හා දේශපාලන අර්‍බුදය හමුවේ ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන මූලික අයිතිය හා සමාජ නිදහස හරස් කිරීමේ අරමුණ වෙනුවෙන් වූ තවත් පණතක් බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරනු ලබයි. විශේෂයෙන් මෙම පණත සමාජ බලයක් ලෙස තහවුරු වෙමින් තිබෙන ‘සමාජ මාධ්‍ය’ පාලනය කිරීම වෙනුවෙන් බව අපි තරයේ විශ්වාස කරමු.

පැහැදිළි ජනවරමක් නොමැති ජනාධිපතිවරයා විසින් සිය අභිමතය පරිදි මෙම ‘මාර්‍ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ ඇතු`ඵ යෝජනා සම්මතකර  ක්‍රියාවට දැමීමට උත්සාහ කරන සිය`ඵ මර්‍ධනකාරී අණ පණත් පරාජය කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක්ව පවතී. එබැවින් මෙම පණත පරාජයකර ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශනයේ හා භාෂනයේ නිදහස ආරක්ෂා කරගැනීමට එකඟ සෑම පුරවැසියෙකුගෙන් ම මැදිහත්වීම අප සම්මේලනය දැඩිව අපේක්ෂා කරනු ලබයි.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,  ලෝකයේ රටවල් 170 ක ජනමාධ්‍යවේදීන් ලක්‍ෂ හයකට අධික සාමාජිකත්වයක් සංවිධානයවී සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (Intaernational Federation of Jaournalists)  පූර්‍ණ සාමාජිකත්වය හිමි සංවිධානයකි.

විශ්වාසී”

                              

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්

විධායක සභාව වෙනුවෙන්

077 364 1111     fmetu123@gmail.com