IFJ-UTU 2023 වැඩසටහනෙහි අවසාන ක්‍රියාකාරකම “ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය – වගකීම් සහගතව අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට” තේමාව යටතේ නොවැමිබර් 23 පෙරවරු 10.00 සිට මාර්‍ගතව පවත්වන්ට යෙදින.  වැඩසටනට සමගාමීව FMETU 9 වැනි ජාතික නියෝජිත සමුළුව 2023 – 11 – 23 සමුළුව පැවත්වීමට ද කටයුතු කෙරින.

සිංහළ, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගූගල් පෝරමයක් සාමාජිකයන් වෙත නිකුත් කරමින් 125 පමණ ආරාධනා ලැබූ  පිරිස අතරින්105 පමණ පිරිසක් ලියාපදිංචි විය. අද ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්‍ග පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මෙම සමුළුවේදී සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ FMETU ප්‍රමුඛ මාධ්‍ය සංවිධානයක් ලෙස ශක්තිමත් කිරීම කෙරෙහි මෙවර වැඩසටහනේ විශේෂ අවධානය යොමු විය. සියලුම දිස්ත්‍රික්කවල FMETU සාමාජිකයින්ගේ සාමූහික සහභාගීත්වයෙන් 2024/25 සඳහා පෙර සැළසුම් කළ උපායමාර් ගික සැලැස්ම පිළිබඳව හා ඉදිරි ක්‍රියා මාර්‍ග සැලසුම් කිරීම විශේෂයෙන් සාමාජික අවධානයට යොමු විය.

“2024-25 සංවිධානයේ ඉදිරි සැළසුම් හා මාධ්‍යවේදීන්ගේ කාර්‍ය්‍යභාරය හා වගකීම් සහ IFJ-UTU-2023 ”  මැයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී, තරිඳු උඩුවරගෙදර  ආරම්භක දේශණය පැවත්වනු ලැබීය. IFJ-UTU-2023 වැඩ සටහන යටතේ සැළසුම් කළ ” උපාය මාර් ගික මැදිහත්වීම් සැළැස්ම 2024-25″ දීර්‍ඝව පැහදිළි කළ  ඔහු එහිදී සාමාජිකයන්ට පැවරෙන වගකීම් මැනවින් පැහදිළි කරදෙනු ලැබීය. දේශනයෙන් පසු ඒ පිළිබඳව පැවති සජීවී සංවාදය සඳහා සාමාජික මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතින. උපායමාර් ගික සැලැස්මේ හඳුනාගත් ගැටළු සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා සාමාජිකයින් ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලදී. මේ සඳහා නිර්‍මාණය කර ඇති ගූගල් පෝරමය හරහා මාධ්‍යවේදීන් 100 කට අධික පිරිසක් සිය අදහස් එකතු කරනු ලැබ තිබින.

එම සාකච්ඡාවෙන් අනතුරුව 2024 නියෝජිත සම්මේලනයේ කටයුතු පසුගිය මූලාසනය සඳහා තේරී පත්වූ ඉන්දිරා නවගමුව මූලිකත්වයෙන් ආරම්භ විය. පසුගිය නියෝජිත සම්මේලන වාර්‍තාව ධර්‍මසිරි ලංකාපේලි විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව 2024-25 දෙවසර සඳහා නව නිළධාරී මණ්ඩල තොරාපත්කර ගැනීම සිදුවිය. එහිදී තේරීපත්වූ නිළධාරි මණ්ඩලය 09 දෙනෙකුගෙන් සමන්විත වන අතර විධායක සභික සංඛ්‍යාව 16 දෙනෙකි. සම්පූර්‍ණ විධායක මණ්ඩලය 25 දෙනෙකුගෙන් සමන්විතය.

භාණ්ඩාගාරික  රිස්වාන් සේගු මොහිදීන් විසින් 2021-22 විගණන වාර්තාව ඉදිරිපත් කළ අතර එයට සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව පැවති ස්තුති කතාවෙන් වැඩසටහන නිමාවට පත්විය.