ලොව පුරා මාධ්‍යවේදින්ගේ පරමාදර්ශය ජූලියස් ෆූචික් කියවමු!
”නිතරම අපි ඔට්ටුවට තබන්නේ මරණයයි. ගෙස්ටාපෝවට හසුවීම යනු අවසානය බව අපි දන්නෙමු. එම අවසානය ගැන මා හට සඳහන් කල නොහැක. අවිනිශ්චිතයි. එහෙත් මෙය සැබෑ යථාර්තයකි. අවසන් ජවනිකාවට තිරය විවෘත කිරීමට ආසන්නය. මිත‍්‍රවරුනි මම ඔබලාට ආදරය කරමි. එබැවින් ආරක්ෂාවන්න”.
හිට්ලර්ගේ නට්සි පාලන යුගයේ කෲර වද බන්ධනයන්ට යටත්ව මරා දමන ලද උත්තරීතර ජනමාධ්‍යවේදියෙකු වූ ජූලියස් ෆූචික් (Julius Fucik) ප‍්‍රකාශ කළ ඒ වදන් සදාකල්හිම අප හදවත් තුළ රැව් දෙන්නේ ඔහු ඒ තරම්ම පරමාදර්ශි මාධ්‍යවේදියෙකු වූ නිසාමය.
