ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම හෙළා දකිමු!-FMETU
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේ චූදිතයන් තිදෙනෙකු නිදහස් කිරීමට වූ නීතිපතිවරයාගේ නිරදේශයට එරෙහිව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.

2025 පෙබරවාරි 28
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම හෙළා දකිමු!
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේ චූදිතයන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඝාතනයට අදාල විමර්ශන යටගැසීමට නීතීපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ගෙන ඇති තීරණය මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේනලය දැඩි පිළිකුලෙන් සහ වේදනාවෙන් යුක්තව හෙළා දකී.

මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනසක් වෙනුවෙන් අරගල කළ, ඒ වෙනස වෙනුවෙන්ම රජයන් වෙනස් කළ, නව යුගයක් පතන මොහොතක ඒ වෙනස වෙනුවෙන් ජීවිත අහිමි කරගත්, පහරකෑමට ලක් වූ, කතා කිරීමේ අයිතිය වෙනුවෙන් නොයෙකුත් වධහිංසාවන්ට ලක් වූ අපේම මිනිසුන් කෙසේ අමතක කරන්නද?

