“ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය – වගකීම් සහගතව අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට” – IFJ-UTU 2023 වැඩසටහන-අවසාන ක්‍රියාකාරකම

IFJ-UTU 2023 වැඩසටහනෙහි අවසාන ක්‍රියාකාරකම “ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය – වගකීම් සහගතව අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට” තේමාව යටතේ නොවැමිබර් 23 පෙරවරු 10.00 සිට මාර්‍ගතව පවත්වන්ට යෙදින. වැඩසටනට සමගාමීව FMETU 9 වැනි ජාතික නියෝජිත සමුළුව 2023 – 11 – 23 සමුළුව පැවත්වීමට ද කටයුතු කෙරින.
සිංහළ, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගූගල් පෝරමයක් සාමාජිකයන් වෙත නිකුත් කරමින් 125 පමණ ආරාධනා ලැබූ පිරිස අතරින්105 පමණ පිරිසක් ලියාපදිංචි විය. අද ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්‍ග පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මෙම සමුළුවේදී සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ FMETU ප්‍රමුඛ මාධ්‍ය සංවිධානයක් ලෙස ශක්තිමත් කිරීම කෙරෙහි මෙවර වැඩසටහනේ විශේෂ අවධානය යොමු විය. සියලුම දිස්ත්‍රික්කවල FMETU සාමාජිකයින්ගේ සාමූහික සහභාගීත්වයෙන් 2024/25 සඳහා පෙර සැළසුම් කළ උපායමාර් ගික සැලැස්ම පිළිබඳව හා ඉදිරි ක්‍රියා මාර්‍ග සැලසුම් කිරීම විශේෂයෙන් සාමාජික අවධානයට යොමු විය.

“2024-25 සංවිධානයේ ඉදිරි සැළසුම් හා මාධ්‍යවේදීන්ගේ කාර්‍ය්‍යභාරය හා වගකීම් සහ IFJ-UTU-2023 ” මැයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී, තරිඳු උඩුවරගෙදර ආරම්භක දේශණය පැවත්වනු ලැබීය. IFJ-UTU-2023 වැඩ සටහන යටතේ සැළසුම් කළ ” උපාය මාර් ගික මැදිහත්වීම් සැළැස්ම 2024-25″ දීර්‍ඝව පැහදිළි කළ ඔහු එහිදී සාමාජිකයන්ට පැවරෙන වගකීම් මැනවින් පැහදිළි කරදෙනු ලැබීය. දේශනයෙන් පසු ඒ පිළිබඳව පැවති සජීවී සංවාදය සඳහා සාමාජික මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතින. උපායමාර් ගික සැලැස්මේ හඳුනාගත් ගැටළු සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා සාමාජිකයින් ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලදී. මේ සඳහා නිර්‍මාණය කර ඇති ගූගල් පෝරමය හරහා මාධ්‍යවේදීන් 100 කට අධික පිරිසක් සිය අදහස් එකතු කරනු ලැබ තිබින.

එම සාකච්ඡාවෙන් අනතුරුව 2024 නියෝජිත සම්මේලනයේ කටයුතු පසුගිය මූලාසනය සඳහා තේරී පත්වූ ඉන්දිරා නවගමුව මූලිකත්වයෙන් ආරම්භ විය. පසුගිය නියෝජිත සම්මේලන වාර්‍තාව ධර්‍මසිරි ලංකාපේලි විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව 2024-25 දෙවසර සඳහා නව නිළධාරී මණ්ඩල තොරාපත්කර ගැනීම සිදුවිය. එහිදී තේරීපත්වූ නිළධාරි මණ්ඩලය 09 දෙනෙකුගෙන් සමන්විත වන අතර විධායක සභික සංඛ්‍යාව 16 දෙනෙකි. සම්පූර්‍ණ විධායක මණ්ඩලය 25 දෙනෙකුගෙන් සමන්විතය.
භාණ්ඩාගාරික රිස්වාන් සේගු මොහිදීන් විසින් 2021-22 විගණන වාර්තාව ඉදිරිපත් කළ අතර එයට සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව පැවති ස්තුති කතාවෙන් වැඩසටහන නිමාවට පත්විය.
2024 සහ 2025 සඳහා FMETU ක්‍රියාකාරී සැලැස්ම සැලසුම් කිරීම !
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය FMETU ශ්‍රී ලංකා විසින් ඉදිරි 2024 සහ 2025 වසර දෙක සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරී සැලැස්ම සැලසුම් කිරීම සඳහා පූර්ණ දින වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩසටහන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, IFJ-UTU ව්‍යාපෘතියේ 2023 ඉදිරි ක්‍රියාමාර්‍ගයකි. දිවයින පුරා සිටින මාධ්‍යවේදීන් සවිබල ගැන්වීම සඳහා මෙම වැදගත් මුලපිරීම ශ්‍රී ලංකා රේන්බෝ ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි. වැඩසටහන සඳහා දැනුම එකතු කරමින් වැඩසටහන මෙහෙය වූයේ දිලීප සමරසිංහ සහ මහීෂ්කා ප්‍රනාන්දු යන පුහුණුකරුවන් විසිනි.
විධායක සභාව සහ ක්‍රියාකාරීන් 16 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් තමන්ගේ සංවිධාන ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේම විසඳුම් සාකච්ඡා කොට ඉදිරි පියවරයන් සැළසුම් කළහ.
2024 සහ 2025 සඳහා ඉදිරි සැලසුම් සංවිධානය කිරීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරී ක්ෂේත්‍ර
මාතෘකා සහ අනු මාතෘකා ඉලක්කයන්
- මාධ්‍යවේදීන්ගේ ගැටළු, මාධ්‍යවේදීන්ට ඇති අභයෝග හඳුනාගැනීම සහ ඒවා ජයග්‍රහණයන් සඳහා ව්‍යුහයන් සකස් කිරීම
- සුබසාධන යෝජනා, වැටුප් යෝජනා සහ වෘත්තීය අයිතිවාසිකම්
- අපේ යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය
- වසරකට රුපියල් 1200 ක්වූ සාමාජික මුදල අඛණ්ඩව ගෙවන්නේ කෙසේද?
- මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන (දමිළ මාධ්‍යවේදිනියන් ගේ සංගමය, රාජ්‍ය මාධ්‍ය සංවිධාන, ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ මාධ්‍යවේදීන් බලමුලු ගැන්වීම සඳහා නිර්‍මාණාත්මක මැදිහත්වීම.
- රාජ්‍ය මාධ්‍ය ආයතන වෘත්තීය ප්‍රශ්ණ, සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් යොජනා කළ හැකි සැළසුම්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වැටුප්, දීමනා ක්‍රමවත් ලෙස ලබාගන්නට ක්‍රමවේදයන් සැළසුම් කිරීම.
- FMETU අනුබද්ධ වෘත්තීය සමිති ශක්තිමත් කිරීම. එක් එක් මාධ්‍යවේදීන්/සංවිධාන බලමුලු ගන්වන ආකාරය හඳුනා ගැනීම.
- FMETU.org වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම/වැඩිදියුණු කර සබැඳි ප්‍රවෘත්ති ප්‍රකාශයක් ආරම්භ කිරීම සඳහා සැළසුම් කිරීම? නිව්ස් බුලටින් ආකෘතිය හා සැළැස්ම.
- මාධ්‍යවේදීන් වෘත්තීමය වශයෙන් පුහුණු කිරීම (මාධ්‍යවේදීන් ඩිජිටල් ආර් ථිකයට ගැලපෙන පරිදි) වෘත්තීමය තත්වය, අවශ්‍ය දැනුම, යෝජනා සැළසුම්
- සංගමය සඳහා වාර් ෂික අයවැයක් සකස් කිරීම


යෝජිත ‘මාර්‍ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පනත’ පරාජය කළයුතුය.
පුනරුත්ථාපන පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දූෂණ විරෝධී පනත සහ මාධ්‍ය නියාමන කොමිෂන් සභා පනත වැනි මර්දනකාරී නීතිවලට එකතු වන අලුත්ම නීතිය ලෙස එකතු කිරීමට නියමිතව ඇත්තේ ‘‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ ය. එම පණත් කෙටුම්පතට විරෝධය පළ කරමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ සම්පූර්‍ණ නිවේදනය පහත පළවේ.

මාධ්‍ය නිවේදනය
2023 සැප්තැම්බර් 22
යෝජිත ‘මාර්‍ගගත (Online) ක්‍රියාරකම් සුරක්ෂිත කිරීමේ පනත’ පරාජය කළයුතුය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඉදිරිපත් කරන ලද මර්‍ධනකාරී අනපණත් අතරට අ`ඵතින්ම එකතුවන පණත ‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ ලෙස පාර් ලිමේන්තුවේ සම්මත කිරීමට යෝජනාකර තිබේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු විසින් ඉදිරිපත්කර ඇති පුනරුත්ථාපන පණත, ප්‍රතිත්‍රස්ත පණත, දූෂණ විරෝධී පණත සහ මාධ්‍ය නියාමන කොමිෂම යන මර්‍ධනකාරී අණ පණත් අතරට එකතුකරනු ලබන අලුත්ම පණත ‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ වේ.
IFJ-UTU ගෝලීය වශයෙන් මාධ්‍ය සංවිධාන ශක්තිමත් කිරීම – 2023
FMETU ධාරිතාව නැංවීම පිළිබඳ විගණන වැඩමුළුව – සැප්තැම්බර් 13
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය , ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. මීට වසර 21 කට පෙර 2002 වසර ආරම්භයේ සිටම, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය සහ ආසියා පැසිෆික් කාර්‍ය්‍යාලය සමග ශ්‍රී ලංකාව පුරා සිටින මාධ්‍යවේදීන් බලගැන්වීමට සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.
FMETU-IFJ-UTU – 2023 – ආයතනික විගණන වැඩමුළුව සැලසුම් කිරීම!

FMETU සංවිධාන විගණන වැඩමුළුව සඳහා සැලසුම් කිරීමේ සාකච්ඡාව, එහි විධායක කමිටුව සහ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කළ ප්‍රධාන සාමාජිකයින් සමග වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සැළසුම සාකච්ඡා කිරීමට 2023 අගොස්තු 23 රැස්විය.
සංවිධානයේ ආයතනික විගණනයට පහසුකම් සැලසීම සඳහා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන IFJ Asia Pacific හි Jane Worthington මහත්මිය පිළිගැනීමට FMETU බලාපොරොත්තු වේ.
උද්ඝෝෂණයක් වාර්‍තා කරමින් සිටි තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් පහරදී අත්අඩංගුවට ගැනීම හෙළාදකී!
තරිඳු උඩුවරගෙදර කොළඹ පැවති විරෝධතාවක් වාර්‍තා කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයෙකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම සම්මාන ලාභි ජනමාධ්‍යවේදියෙකි.
මේ පිළිබඳව විරෝධය දක්වමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.
ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ IFJ-UTU ව්‍යාපෘතිය – 2023
FMETU විධායක කමිටු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ශක්තිමත් කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) වාර් ෂික වෘත්තීය සමිති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය, 2023 සඳහා ක්‍රියාකාරී සැලැස්ම ජූලි 31 වන දින රේන්බෝ ආයතන කාර්‍ය්‍යාලයේදී සාකච්ඡා කරනු ලැබීය.
වැඩසටහන් සැලසුම් කිරීමේ රැස්වීම සඳහා රේන්බෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මැණික් මෙන්ඩිස් මහත්මිය, වැඩබලන මහලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය, සභාපති ක්‍රිෂ්නි ඉර්ෆාම් මහත්මිය, භාණ්ඩාගාරික රිස්වාන් සේගු මොහිදීන් මහතා ඇතුළු FMETU විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු සහභාගී විය.
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) ආසියා ෆැෂිපික් අධ්‍යක්ෂිකා ජේන් වර් තින්ටන් මහත්මිය ද මේ වැඩසටහන් හා සම්බන්ධවීමට නියමිතය.
තරිඳු උඩුවරගෙදර CID යට කැඳවීම අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට එරෙවීමකි – මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
තරුණ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර තෙවෙනි වතාවටත් රහස් පොලීසිය වෙත කැඳවීම අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට එරෙහිවීමක් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් නිකුත්කර ුැති එම නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

2023/07/03
මාධ්‍ය නිවේදනය
තරිඳු උඩුවරගෙදර නැවතත් රහස් පොලිසියට කැඳවීම මාධ්‍ය මර්‍ධනයේ තවත් පියවරක්!
අතථ්‍යන්තයෙන් ම ක්‍රියාකාරී තරුණ ජනමාධ්‍යවේදියෙකු වු තරිඳු උඩුවරගෙදර ජුලි 04 වැනිදා පෙරවරු 10.30ට පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යළිත් එහි කැඳවා තිබේ. 2023 මැයි 29 වැනිදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී තරිඳු උඩුවරගෙදර කළ අදහස් දැක්වීමක් මත, මෙම කැඳවීම සිදු කර ඇත.
ඔහු විසින් මෑත මාස කිහිපය තුළ මාධ්‍ය වෙත සිදුකළ අදහස් ප්‍රකාශ කිරීම් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා සිදු කරන තෙවැනි ප්‍රශ්න කිරීම වේ.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා වෘත්තීය ආරක්ෂාව පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරණ රජය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ක්‍රියාකාරකම් බියගැන්වීමට දරණ උත්සාහයක් ලෙස මෙම ක්‍රියාව සළකමු. මෙරට තුළ වරින්වර මතුවෙමින් තිබෙන ජාතිකවාදී-ආගම්වාදී රැළි සහ ඒ පසුපස ඇති දේශපාලන අරමුණු පිළිබඳව ඔහු සිය අදහස් දැක්වීම සිදුකර තිබේ. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන ලද්දේ නතාශා එදිරිසූරිය සිදු කරන ලද හාස්‍යමය වැඩසටහනක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදීය.
තරිඳු උඩුවරගෙදර රහස් පොලීසිය වෙත කැඳවනු ලබන්නේ රජය විසින් විද්‍යුත් නියාමන අධිකාරී පනත, සමාජ මාධ්‍ය නියාමන අධිකාරී පනත, වැනි මර්‍ධනකාරී පනත් කිහිපයක් යෝජනා කරමින් සිටින වටපිටාවකය. එබැවින් මෙම කැඳවීම අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට එරෙහි ක්‍රියාවක් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විශ්වාස කරනු ලබයි. එබැවින් තරිඳු උඩුවරගෙදර රහස් පොලීසිය වෙත කැඳවිම පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලු ජනමාධ්‍ය සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන පමණක් නොව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධානන්හී දැඩි අවධානයට යොමුකිරීම වැදගත් අවශ්‍යතාවයක් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශකර සිටී.
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ලෝකයේ රටවල් 170 ක ජනමාධ්‍යවේදීන් ලක්‍ෂ හයකට අධික සාමාජිකත්වයක් සංවිධානයවී සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists- IFJ) පූර්‍ණ සාමාජිකත්වය හිමි සංවිධානයකි.
විශ්වාසී

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්,
විධායක සභාව වෙනුවෙන්
077 364 1111
‘විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක්’ පිළිබඳ රජයේ යෝජනාව පරාජය කරමු!
පින්තූරය!
2021 මාර් තු 15 වැනි සඳුදා එවකට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හමුවූ ශ්‍රී ලංකා මාධ්‍ය හිමිකරුවන්ගේ සංගමය (NSSL), ශ්‍රී ලංකා කර්තෘ සංසදය (TEGOSL), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU),නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), දෙමළ මාධ්‍ය සන්ධානය (TMA) මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF), දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංගමය (SAFMA) සහ ශ්‍රී ලංකා පුවපත් ආයතනය (SLPI) ස්වයං නියාමන මූලධර්ම මත පිහිටා මුද්‍රිත, ගුවන්විදුලි, රූපවාහිණී සහ සමාජ මාධ්‍ය අධීක්ෂණය සඳහා ස්වාධීන නියාමන අධිකාරියක් සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාව.
ආණ්ඩුව විසින් යෝජනා කරනු ලබන විද්‍යුත් විකාශන අධිකාරී පනත පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධමර්‍සිරි ලංකාපේලි විසින් නිකුත් කළ නිවේදනය සම්පූණර්‍යෙන් පහත පළවේ.

මාධ්‍ය නිවේදනය
2023 ජූනි 03
‘විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක්’ පිළිබඳ රජයේ යෝජනාව පරාජය කරමු.
විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක් පිළිබඳ රජයේ නව යෝජනාව, නිදහස් හා සාධාරණ මාධ්‍ය සම්ප්‍රදායක් පිළිබඳ සාකච්ඡාව 1994 තරම් ඇතට දිවෙන බව සිහිගන්වනු ලබයි. 1994 බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේ රජය විසින් ද පළමු පියවර ලෙස රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රයත්නයක් දරමින් ආර්. කේ. ඩබිලිව්. ගුණසේකර කමිටුව, සිදත් ශ්‍රී නන්දලෝචන කමිටුව ප්‍රමුඛව කමිටු කිහිපයක් පත්කරන ලද අතර අවම වශයෙන් එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට හෝ යොමු වූ බවක් වාර්තා නොවන බව සිහිපත් කරමු.
රටක ප්‍රජාත්න්ත්‍රවාදී පැවැත්ම හා යහපාලනය වෙනුවෙන් ස්වාධීන, සමබර, අපක්‍ෂපාතී මාධ්‍ය භාවිතාවක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයන් බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරනු ලබයි. දශක දෙකකට වඩා වැඩි කාලයක් මේ පිළිබඳව අප රටේ කර්‍තෘ සංසංදය ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන ‘ස්වාධීන මාධ්‍ය නියාමන’ කොමිෂමක් සඳහා උත්සාහ ගනිමින් සිටින බව ඉතිහාසය සාක්ෂි දරයි.
1998 කොළඹ ප්‍රකාශණය සහ 2005 වසරේ තෝලංගමුව ප්‍රකාශණය තවත් උත්සාහයන් දෙකක් ලෙස මෙහිදී සඳහන් කළ හැක. 2005-2006 වසර වළදී මහජන සේවා විද්‍යුත් විකාශන අධිකාරියක් හා ශ්‍රී ලංකාවේ මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් බිහිකරීම වෙනුවෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :ෂත්‍න්* මැදිහත්වීමෙන් හ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සකස් කළ කෙටුම්පත 2005 වසරේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ද නියමිතව තිබිණ. පසුව ඇතිවූ දේශපාලන වෙනස්කම් සමග එම සාකඡාව වැළකී ගියේය.
2021 වසරේ එවකට ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ද මෙවැනිම සාකච්ඡාවක් සඳහා උත්සාහ ගත් බව සඳහන් කරමු. නැවතත් වර්‍තමාන රජය විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක් යෝජනා කිරිමට අදාල පණතක් සම්මත කිරීමට සැළසුම් කරමින් සිටී.
විද්‍යුත් විකාශණ නියාමන අධිකාරියක් පිළිබඳ වර්‍තමාන රජයේ යෝජනාව රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ජනතාව වෙත තොරතුරු දැනගැනීමට තිබෙන මූලික අයිතිය හරස් කිරීමේ අරමුණ වෙනුවෙන් වූ යෝජනාවක් බව අප සම්මේලනයේ අදහස වේ. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය පාලනය කිරීම වෙනුවෙන් බව විශ්වාස කරමු. එබැවින් රජයේ මෙම යෝජනාව පරාජය කිරීම පිණිස මැදිහත්වෙන ලෙස ශ්‍රී ලංකාව තුළ නිදහස් මහජන සේවා ජනමාධ්‍ය සංස්කෘතියකට එකඟ සෑම පුරවැසියෙකුගෙන් ම අප සම්මේලනය ඉල්ලා සිටී.
මාධ්‍ය නියාමනය සඳහා කිසියම් අවශ්‍යතායක පිළිබඳව රජය කල්පනා කරනු ලබන්නේ නම් පහත සඳහන් යෝජනා පිළිබඳ අවධානය යොමුකරන රජයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
රාජ්‍ය එකඟත්වය ඇතිව 2002 වසරේ පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ්‍රී ලංකා පුවත් පත් පැමිණිලි කොමිෂම ප්‍රතිෂ්ඨඨාපනයකර ඇති අරමුණු ශක්තිමත් කිරීමට වර්තමාන රජය ද සහයෝගීතාවය ලබාදිය යුතු බවට යෝජනා කරන අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමට කටයුතු කිරීමට යෝජනා කරමු.
ස්වයං නියාමනය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන හා අනෙකුත් සිවිල් සංවිධාන ප්‍රමුඛව පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ මඟ පෙන්වීම් හා නිර්දේශයන් මෙහිදී සැළකිල්ලට යොමු කළ යුතුය.
ජනමාධ්‍යවේදීන්ගේ වාත්තීය ආරක්‍ෂාව හා රැකවරණය හා ජනමාධ්‍ය ස්වයං නියාමන ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය කාර්ය පටිපාටියක් සැකසීම පිළිබඳව විවෘත සාකච්ඡාවක් ආරම්භ කිරීමට රජය පහසුකම් සැපයිය යුතු අතර ඒ සඳහා මාධ්‍ය සංවිධාන හා උනන්දු සිවිල් සංවිධාන හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයන්හී සහයෝගය ලබාගත යුතු බවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යෝජනා කර සිටී.
ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රනයක් සඳහා, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කර්තෘ සංසදය, පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය හා අප සම්මේලනය ද ඇතුළත්වූ අනෙකුත් මාධ්‍ය සංවිධාන සමග මේ වෙනුවෙන් සාමූහික ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ද සඳහන් කරමු.
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ලෝකයේ රටවල් 170 ක ජනමාධ්‍යවේදීන් ලක්‍ෂ හයකට අධික සාමාජිකත්වයක් සංවිධානයවී සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :ෂබඑැරබ්එසදබ්ක ත්‍ැාැර්එසදබ දf න්‍දමරබ්කසිඑි- ෂත්‍න්* පූර්ණ සාමාජිකත්වය හිමි සංවිධානයකි.
විශ්වාසී

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
විධායක සභාව වෙනුවෙන්
077 364 1111
Email: fmetu123@gmail.com
dlankapeli@gmail.com