FMETU නියෝජිතයන් සහ නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්!

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලන නියෝජිත පිරිසක් හා නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පසුගිය 11 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන්තට යෙදින. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් කරන ලද ඉල්ලීමකට අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයක් පරිදි එම සාකච්ඡාව පැවත්වින.



මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනසක් වෙනුවෙන් අරගල කළ, ඒ වෙනස වෙනුවෙන්ම රජයන් වෙනස් කළ, නව යුගයක් පතන මොහොතක ඒ වෙනස වෙනුවෙන් ජීවිත අහිමි කරගත්, පහරකෑමට ලක් වූ, කතා කිරීමේ අයිතිය වෙනුවෙන් නොයෙකුත් වධහිංසාවන්ට ලක් වූ අපේම මිනිසුන් කෙසේ අමතක කරන්නද?

